මෙවර ජනාධිපතිවරණයෙන් විකෘති ජනවරමක් රටට හිමිවූ බවත් සැබෑ ජනමතයට ඉඩක් නොලැබුණු බවත් විපක්ෂනායක කාර්යාලයේ අද (20 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර සමරවීර මහතා පැවසීය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ යහපාලන රජයට දිගින් දිගටම චෝදනා එල්ලකර ඇති අතර එම චෝදනා අද වන විට ඔප්පු කරගැනීමට වත්මන් රජයට නොහැකි වී ඇති බවත් ඒ අනුව සැබෑ තත්ත්වය හෙලිවෙමින් තිබෙන බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.