Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත්වනවාද නැද්ද කියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණයක් ගෙන ප්‍රකාශ කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (17දා) පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.
හිටපු ජනාධිපතිවරයාට ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු නීතීමය බාධාවක් නැති බවත්, රාජපක්ෂ මහතාට තීරණයක් ගැනීමට අයිතිය ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කිසිවෙකු බලපෑම් නොකරන බවත් ඔහු මෙහිදී පැවසීය.
සාක් කලාපයේ ජ්‍යෙෂ්ඨතම නායකයා හැටියට මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය සංචාරයේදී ගෞරවය හිමිව තිබූ බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ දේශනයක් සම්බන්ධව නවදිල්ලියේ හන්දියක් හන්දියක් ගානේ පෝස්ටර් අලවා තිබුණු බවත් ජී.එල්.පීරිස් මහතා මෙහිදී පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතාගෙන් සම්මුඛ සාකච්ඡා ඉල්ලමින් ඉන්දීය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් වූ බවත්, ශ්‍රී ලංකාවේ අනාගත නායකත්වය හිටපු ජනාධිපතිවරයාට හිමිවන බවට ඉන්දීය මාධ්‍යවල විශ්වාසයක් ඇතිව තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
අතීතයේ සිදු වූ සියලු දේ අමතක කර ලෝකයේ අනෙකුත් රටවල් සමඟ මිත්රශීලීව කටයුතු කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සූදානම් බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
popular news
Champa Monday, 17 September 2018 04:18 PM
එහෙම ඉදිරිපත් වෙනවා කියලා හරියට කියන්න නම් නීතිමය බාධාවක් නැහැ කියලා අධිකරණ තීන්දුවක් අරන් දෙන්න ඕනේ එතුමාගේ නීති උපදේශකයෝ. එහෙම දෙයක් ගන්නත් බැහැලු. තමන්ගේ වැඩේ හරියට කළා නම් හිටපු ජනාධිපතිතුමා එයාගේ වැඩේ කරයි. මහින්දට චන්දෙ ඉල්ලන්න වෙන්නේ රනිල්මෛ/ත්‍රී බලයේ ඉන්න කොට කියන එක අමතක වෙලා තියෙන එක තමයි පුදුම. අවදානමක් අරගන්න තිබ්බ අඩු ගානේ දේශප්‍රිය මැතිවරණෙ මෙහෙයවන්නේ නැත්නම්. මිනිස්සුන්ව අවුල් නොවෙන්න නම් ඉස්සෙල්ල කරන්නේ ඕනේ චන්දෙට ඉදිරිපත් වෙන්න පුලුවන්ද කියන එක clarify කරගන්න එක. පොදුජන පෙරමුණට ඕනේ ජනාධිපතිවරණෙ පරද්දන්න. මහින්ද කවුරු දැම්මත් බැසිල් (තව ) ඒ මිනිහට support කරන්නේ නැහැ.(eg:) ඒ මොකොද ජනාධිපතිවරණෙ දින්නොත් මහින්ද නැවත SLFP සභාපති වෙනවා. SLPP සෙට්ටපොච්චි වෙනවා. මම කියන්න ගියේ හිටපු ජනාධිපතිතුමා තමන්ම හිතල තීරණ ගන්න. 2015 චන්දෙ පැරදුනේ හරි campaign manager කෙනෙක් නොහිටිය නිසා. කියපු බොරුඅවලාද, නින්දාඅපහාස වලට counter කරන්න කිසිම mechanism එකක් තිබ්බේ නැහැ. පරදන්න වැඩේ ගියේ ඇතුලෙන්මයි. ඊළඟ ජනාධිපතිවරනෙට හොඳ campaign manager කෙනෙක් හොයා ගන්න. නැත්නම් ඇතුලෙන්ම පරද්දයි ආපහු.
Reply : 1 0
Champa Wednesday, 19 September 2018 07:00 AM
හිටපු ජනාධිපතිතුමාට ඊළඟ ජනාධිපතිවරණෙ campaign එක සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට කරන්න වෙනවා අලුත් චන්ද එකතු කරගන්න සහ පාවෙන චන්ද අර ගන්න. ඉන්දියාවේදී කිව්වනේ තමන් තමයි ඒ campaign එක මෙහෙය වන්නේ කියලා. ඒ කතාවේ හොඳ weight එකක් තියෙනව. "ජන බලයේ" කිසිම අසාර්ථකතත්වයක් නැහැ. හොඳ ජන සහභාගිත්වයක් තිබුන. අනික ඉතින් ජනතාව "එනවා" කිව්වේ නැහැනේ "ගේනවා" කිව්වා මිසක්. ආණ්ඩුව ඔය අසාර්ථක කතාව කියන්නේ "ජන බලය" යොදවල කරනවා කියපු දේවල් නොකෙරුණ නිසා හෙවත් ආණ්ඩුව නොහිතුව විදිහට "ජන බලය" ඉතාම සාමකාමී වුනු නිසා. නමුත් ජන බලයෙන් ඉගෙන ගන්න තියෙන පාඩම් තියෙනව ඊළඟ ජනාධිපතිවරණෙ සාර්ථක කරගන්න. 1. හොඳ සංවිධානාත්මක වැඩ පිළිවෙලක තියෙන වැදගත්කම. 2. බිම් මට්ටම නැවත තමන් අතට ගැනීම. 3. බලාපොරොත්තු නොවෙන විදිහට වෙන කඩාකප්පල්කාරී වැඩ වලට සූදානම් වී සිටීම. 4. වැඩ delegate කිරීම. 5. ඒකාබද්ධ විපක්ෂයේ නායකත්ව ලක්ෂණ තිබෙන ජ්‍යෙෂ්ඨයන්ට ඔවුන් දක්ෂතා පෙන්වන අංශයට අදාළ වගකීම් පැවරීම සහ එම ජ්‍යෙෂ්ඨයන්ට උදව්වට උප කණ්ඩායමක් බැගින් ලබා දීම. 6. විනය ගැන තදින් සිටීම. උදා: කඳවුරේ අනිට් කණ්ඩායමක වැඩ කටයුතු ප්‍රසිද්ධියේ විවේචනය තහනම් කිරීම.
Reply : 0 0
Champa Wednesday, 19 September 2018 07:28 AM
ඒ වුනත් අපි කියමු කොහොම කලත් ඊළඟ ජාන්ධිපතිවරණේ කිට්ටුව ඒකාබද්ධ විපක්ෂේ ආයේ බෙදුන කියලා. බය වෙන්න කිසි දෙයක් නැහැ. එතකොට හිටපු ජනාධිපතිතුමාට කරන්න තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂේ අතෑරලා one-man show එකකට යන එක සහ එළියෙන් මිනිහෙක් ජනාධිපතිවරණෙට ඉදිරිපත් කිරීම. කවුරු වුනත් කමක් නැහැ එතකොට. one-man show එක කරන හැටි මම කියලා දෙන්නම්. මට ඕනේ දිස්ත්‍රික්ක 25න් හැම දිස්ත්‍රික්කයකින්ම ඔබට ඉතාම හිතවත් හුගක් ක්‍රියාශීලි 3-5 අතර පිරිසක්. ජනගහනය වැඩි දිස්ත්‍රික්ක වලින් 5ක් අඩුනම් 3ක් ඇති. ඒ කියන්නේ සම්පූරණ පිරිස 75-125 අතර. හැබැයි ඔබට 100%ක් loyal මිනිස්සු වෙන්න ඕනේ. ඒක දැනට ඕනේ නැහැ. මහන්සි නැත්නම් අර මම උඩ කියපු බිම් මට්ටම ගැන බලන්න. අනිවාර්යයෙන්ම ඔබේ බිම් මට්ටමේ පිරිසට ඔබ අලුත් ජීවයක් දෙන්න වෙනව. ඔබ ඔවුන් මුණ ගැහෙන්න ඕනේ. ජනාධිපතිවරණෙ ගැන නෙමෙයි ඔබ කියන්න මේක revitalization programme එකක් කියලා. මේක නම් දැන් අවශ්‍යම වෙලා තියෙනවා. මිනිස්සුන්ට ඔබ දැක්කත් පණක් එනවා. මම දැක්ක ඔබේ මොනරාගල මිනිස්සු හම්බ වෙච්ච video එකක්. මිනිස්සු කොච්චර උද්යෝගිමත්ද කියල දැක්ක නේද? මහන්සි නැත්නම් දැම්මම
Reply : 0 0
Champa Wednesday, 19 September 2018 08:33 AM
මම කියන්න ගියේ හිටපු ජනාධිපතිතුමා, මහන්සි නැත්නම් දැන්මම පටන් ගන්න. ඒ කියන්නේ සතියකට වරක් එක දිස්ත්‍රික්කයක කණ්ඩායම හම්බ වෙන්න. එතකොට මාස 6 යි සති එකෙන් දිස්ත්‍රික්ක 25 සම්පූරණ වෙනවා. ඔබ කතා කරන්නේ මොනවාද කියල කලින් හදා ගන්න point-form එකෙන්. රටේ ප්‍රශ්න ගැන නෙමෙයි ඔබ කතා කරන්න ඕනේ. Revitalization Programme (RP) එක සාර්ථක වෙන්න කරුණු 3ක් තියෙනවා. 1.ප්රතාපවත් නායකත්වය 2. ආකර්ශනීය ප්‍රතිපත්ති 3.සාර්ථක සංවිධානතත්වය. ඔබ ගැමි ජනතාවට හුඟක් සමීප නායකයෙක්. ඔබ මිනිස්සුන්ට මතක් කරලා දෙන්න ඔබට ඔවුන්ගේ හුස්ම වැටෙන විදිහ දැනෙනවා කියන එක. ඔබ ගැන විශ්වාසය තියන්න කියන්න. ඔබ කියන්න කලින් යුද්ධයෙන් කඩා වැටිච්ච රට නැවත ගොඩ නඟන්න යටිතල පහසුකම් ආශ්රිත සංවර්ධනයක් කළා. ඊලඟට ඔබ ජනතාව ඉලක්ක කරගත් සංවර්ධනයක් කරනවා වගේ දෙයක් කියන්න. තව අදහස් හිතන්න. බලන්න ඔබ නැති රටේ ගෑනු බුදුරුව තියෙන සාරිත් අඳිනවා. RP එකට පස්සේ ඔබට ලොකු දෙයක් කරන්න නැහැ, නිකම් Ripple Campaign එකක් විතරයි කරන්න තියෙන්නේ ජනාධිපතිවරණෙට ඉස්සෙල්ල. මේ තමයි One-man-Show (Part-I ), හොඳද නරකද? ඔබට පුළුවන් තනියම වුනත් ජනාධිපතිවරණෙ මෙහෙයවන්න!
Reply : 0 0
Champa Wednesday, 19 September 2018 05:56 PM
ඇත්තම කිව්වොත් හිටපු ජනාධිපතිතුමා, ඔබට පුළුවන් දවස් 5න් 5ට ඔබේ දිස්ත්‍රික්ක කණ්ඩායම් හම්බ වෙන්න. හැබැයි ඔබ යන්න ඕනේ ඔවුන් ලඟට. එතකොට ඒ පළාත් වල ඉන්න ඔබේ බිම් මට්ටමේ අනිකුත් සාමාන්‍ය මිනිස්සුන්ටත් ගැම්මක් එනවා. එතකොට මාස 4යි දවස් 5න් Revitalization Programme එක සම්පූරණ වෙනවා. ඊට පස්සේ ඔබට මාස 3ක් විතර relax කරන්න පුළුවන් හෝ මම දන්නේ නැහැ පළාත් සභා තිබ්බොත් වුනත් ඔබ වේලාසනම ලෑස්තියි. මෙහෙම කියන්න හිටියේ නැහැ. ඒ වුනාට ජන බලය ගැන ටිකක ගැඹුරට හිතුවට පස්සේ සහ ඒකබද්ධයේ බෙදීම ගැන කලපනා කරලා මම හිතුව ඔබ eventualities වලට ලැස්ති වෙලා ඉන්න එක හොඳයි කියල.
Reply : 0 0
Champa Wednesday, 19 September 2018 06:29 PM
හිටපු ජනාධිපතිතුමා, මම මේ comments ලිව්වට පස්සේ තමයි ඔබ රාජාංගනේ කරපු කතාවේ මේ කොටස "මව්බිමේ" දැක්කේ. ---- Quote :"බුදු දහමට නිගා නොකරන යුගයක් ආරම්භ කරලා ළමයින්ට බුදුදහමින් පිරි යහපත් අධ්‍යාපනයක් ලබාදීලා පිරිපුන් දරු පරපුරක් රටට බිහිකරලා ජනතාවට නව යුගයක් කරා ගෙන යෑම මගේ අපේක්ෂාවයි. ඒ යුගය අෑතක නෙවෙයි කියන එකත් මම සතුටින් මතක් කරනවා." Unquote: ----- බලන්න මේ කතාව හරිම inspiring. මේ කොටස අනිවාර්යයෙන්ම ඔබේ Grass-root Revitalization Programme Speech එකට ඇතුල් කරන්න. ඔබ specific වචන පාවිච්චි කරන්න ඕනේ. ඔබ කියන්න "ඔබව විශ්වාස කරන්න කියලා." මේ වචන වල ලොකු බරක් තියෙනව. අනිත් එක අර කොහෙද මට මතක නැහැ මේ ලඟදි රැස්වීමක් තිබ්බේ පන්සලක, අර ඔබ කිව්වේ "දැන් විශ්‍රාම ගන්න" කියනකොටම මිනිස්සු කාන්තාවෝ නෑ කියලා කෑගෑව්වේ අන්න ඒ හිනාව හොඳයි. දන්නවද හිටපු ජනාධිපතිතුමා ඔබට ලංකාවම එලිය කරන්න පුළුවන් හොඳ ආකර්ශනීය හිනාවක් තියෙනව. ඕකෙන් වැඩක් ගන්න. ඔබ වටා හුඟක් ආචාර්ය මහාචාර්යවරු ඉන්නවා. ඒක ඔබට හයියක්. හැබැයි වැඩි දෙනෙක් පොතේගුරු. ප්‍රයෝගික පැත්ත ගැන දැන ගන්න ඕනේ නම් ගොඩ පෙරකදෝරුවෙක්ගෙන් අහන්න.
Reply : 0 0
dhamneth Wednesday, 19 September 2018 08:47 AM
හොඳ වෙලාවට මේයා උපකුලපති වෙන්න කලින් අපි පිටවුනේ.ආයතන ප්රධානියකුට සහතික පමණක් තිබිල මදි.
Reply : 0 0
Deepal Nirosh Wednesday, 19 September 2018 09:10 AM
අපි දන්න හැට්යට නම් මහින්ද මැතිඳුට නැවත ජනපතිවරණයකට ඉදිරිපත් වීමේ නීතිමය බාධාවක් තිබෙනවා. ඒ නිසා එතුමාට බොරු උපදේශන දීල තවත් සුමනදාස කෙනෙක් වෙන්න හදන්න එපා. අනික නීතිමය සිදුරක් උපයෝගී කරගෙන ඉදිරිපත් වී පැරදුණොත් එතුමා දේශපාලන වශයෙන් නශ්‍ය වී යනවා. ඊට සමාන්තරව පොදු විපක්ෂයත් අනිවාර්යයෙන් වඳ වී වෙනවා. තමුන්නාන්සේට නම් චන්ද්‍රිකා පැත්තට හරි පය ගහගන්න පුළුවන්. ඒත් අවසානෙදි මේ රටට හා ජනතාවට යන කල මොකද් ද? ඒ ගැනවත් හිතල ඔය බොරු කයිවාරු නවතල දැන්වත් පාර්ලිමේනතු විපක්ෂ නායක ධුරය එතුමාට අරගෙන දෙන්න.ඒකයි තමුන්නාන්සේලාගෙන් රටට විය යුතු සේවය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd