ජනපතිවරණයක් හෝ මහ මැතිවරණයක් යන ඕනෑම මැතිවරණයකට තම පාර්ශ්වය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
කෙසේ වෙතත් ජනපතිවරණයේ අපේක්ෂකයා කවුදැයි යන්න පිළිබදව තවමත් තීරණය කර නොමැති බවත් මේ වන විට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සිය තීන්දුව ආරක්ෂා කිරීමට කැපවීමක් කර ඇති බව ඔහු පැවැසීය.
ඒ ගෞරවය ජනපතිවරයාට ලබාදෙන බවත් තමන්ට 113ක් පෙන්වීම පිළිබඳව ගැටලුවක් නොමැති බවත් ඔහු සඳහන් සඳහන් කළේය.
“දේශපාලන නායකයන් තීන්දු ගන්න ඕන. අපි නායකයන්ගේ අනුගාමිකයන් වශයේ ඒ අය පස්සේ හිට ගන්නවා.”