වත්මන් ආණ්ඩුව ජනතාව පීඩාවට පත් නොකර ජනතාව වෙනුවෙන් වැඩ කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසුවේ ඊයේ (24) නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පැවැති ජන රැළියක් අමතමිනි.
“අපි මිනිසුන්ගේ අතක් පයක් කඩන්න තියා ඇගේවත් හැප්පෙන්නේ නැතිව අහිංසක දුප්පත් ජනතාවට සේවය කරලා තිබෙනවා. මේ ආණ්ඩුව මනුෂ්‍යත්වයට සළකලා වැඩ කළා.
ඒ නිසා අපේ අගමැති හා ජනාධිපතිට පාංකඩ කිව්වා. බැන්නත් ඔහේ අහක බලා ගන්නවා. බණ්ඩාරනායක මහත්තයා හරි අහිංසකයි වැඩවර්ජකයෝ බණ්ඩා සෙවල බණ්ඩා කියලා බැන්නා. එතමා විදුරුව පාත් කරලා අතවනාගෙන ගියා. එහෙව් මණ්ඩාරනායකලා මරලා දැම්මා.
මිනිස්සු කිව්වේ සෙවල බණ්ඩා කියලා ඒ මිනිස්සුන්ට සළකපු නිසා. ජනතාවට කරදරයක් නොකළ නිසා එයා සෙවලයෙක් වුණා. තමුන්නාන්සේලාට ගෙම්බර් දාපු මහින්ද, තමුන්නාන්සේලා තලපු, පෙළපු, පොඩි කරපු, මරපු ගෝඨාභයලා දේශප්‍රේමී රණකාමී පුද්ගලයෝ වුණා. මේ රටේ මිනිස්සු හදුනා ගත්තේ එහෙමයි.”