ජනාධිපතිවරයාට 'බෝලය පාස්' නොකර පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට අගමැතිවරයාට ප්‍රකාශ කරන්නේ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (14දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා රෙද්දෙන් වසා ඇති සැඟවුණු අමුත්තා නිරාවරණය කරන ලෙසට එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටින බවයි.
උතුරු පළාත් සභාව හැර සියලු පළාත් සභා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජයගන්නා බවත්, එසේම, එළඹෙන සිංහල අලුත් අවුරුද්ද වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා ජනාධිපතිවරයා වන බවත් අවධාරණය කළ මන්ත්‍රීවරයා, මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින්,