මන්ත්‍රීවරු බහුතරයකින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දිවුරුම් ප්‍රකාශ ලබාදිමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවක්දී ඔහු මේ බව සඳහන් කළේය.
“ අද ආවෙත් මහින්ද රජපක්ෂ වෙනුවෙන් පාර්ලිමේන්තුවට 85 දෙනයි. අපිට 122ක් තිබෙනවා. පාර්ලිමේන්තුවට ප්රජාතන්ත්රවාදය දෙන්නේ නැති ජනතාවට ප්රජාතන්ත්රවාදයක් දෙයිද.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම ගැනත් කියනවා. ඒ අයටත් විශ්වාසභංගයක් ගේන්න තිබුණා. ඒ අවස්ථාවේ නිහඩව රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිධූරය පිළිගත්තා.
ඔක්තෝබර් 25 දා තිබුණ මුදල් පනතත් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළා. අපි අයවැය ගෙනාවා අතුරු සම්මත ගිණුම් ගෙනවා. විශ්වාසභංගත් ගෙනාවා ඒ කිසිවක් පරාජය වුණේ නෑ.
26 දා අපි දැක්කා රාජ්‍ය ආයතනවලට වුණ දේ දැක්කා. අපි මැතිවරණවලට බය නෑ. ඒ මැතිවරණය යුක්ති සහගත ක්‍රියාවලියක් යටතේ සිදුවිය යුතුයි. ප්රජාතන්ත්රවාදයට පාර්ලිමේන්තුවේදී ඉඩ දිය යුතුයි.
අපි අභියෝග කරනවා. අපේ බහුතරය අපි කීප අවස්ථාවකදීම පෙන්නුවා. හඩෙන් ඡන්දය අහන ඒක විහිලුවක් නෙමෙයි.
අපි ජනපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා රට අනාථ කරන්නේ නැතිව වහාම බහුතර මතය පිළිගන්න. අපි එතුමාට දිවුරුම් ප්‍රකාශ භාර දෙන්න කටයුතු කරනවා. ඒ අනුව ඒතුමාට කටයුතු කරන්න වෙනවා.
ස්ථාවර නියෝග අවසන් කර කටයුතු කරන්න පුළුවන්. දිනේෂ් ගුණවර්ධන සභා නායක හෝ ඇමති කෙනෙක් නෙමෙයි. ඇමති මණ්ඩලයත්,මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිධූරයත් අහෝසියි. ”