රසායනික පොහොර භාවිතයට හුරුව ඇති පස එක්වරම කාබනික පොහොර සඳහා හුරුවෙයිද යන ගැටලුව තමන්ට ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහල් ව්‍යාපාරිකයෙක් වන අරලිය සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
කබනික පොහොර සඳහා පස හුරු නොවුණහොත් ගොවීන්ගෙ අස්වනු අඩුවී සහල් මිල ඉහළ යෑමට හැකි බවත් එසේම ධාන්‍ය ඇතුළු සියලු වගාවල මිළ ඉහළ යා හැකි බවත් ඔහු පෙන්වා සෙයි.
“ගොඩක් දෙනෙක් මගෙන් කාබනික පොහොර සම්බන්ධයෙන් විමසල තියන නිසා ඉතා කෙටි පිළිතුරක් මම එයට ලබා දෙන්නම්.
ඔය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය නියෝජනය කරන එක්තරා අධ්යක්ෂවරයෙක් මීට මාස කිහිපයකට කළින් මා මුණගැසීමට පැමිණියා. ඉන් පසු මහා පරිමාණ වී නිෂ්පාදකයෙක් විදියට ඔය සම්බන්ධයෙන් මගෙන් අදහස් විමසුවා. ඉතින් මම කිව්වෙ එකදෙයයි.
අපි පාරම්පරික ගොවි පවුලක්. ඒ නිසාම පොහොර වල වස විසේ ආදීනව දැකල තියන නිසා, මගේ සහෝදරයා ජනාධිපති වෙලා ඉඳිද්දි පවා මේ රටේ විශාලතම වකුගඩු රෝහල නිර්මාණය කළා.
ඒ නිසා මම කිසිවිටකත් මේක නරක දෙයක් කියල කියන්නෙ නෑ. මේක කරන්න පුලුවන් නම් ඉතාම හොඳයි. ඇත්තටම ජනාධිපතිතුමා ඉතාම සත්භාවයෙන් මේ තීන්දුව අරගෙන තියන නිසා අපි එතුමට මේ වෙලාවෙ උදව් කරන්නම ඕන.
ඒත් එතුමන්ට උපදෙස් දෙන විශේෂඥයො ඕකෙ නොදකින ප්‍රායෝගික පැත්තකුත් තියනවා. විශේෂයෙන්ම රසායන පොහොර භාවිතයට කාලාන්තරයක් තිස්සෙ හුරු වෙලා තියන පස, එක්වරම කාබනික පොහොර වලට හුරු වෙයිද කියන ගැටලුව මට නම් තියනවා. එහෙම වුණොත් ගොවීන්ගෙ අස්වනු ස්‍රීග්‍ර ලෙඩ අඩු වෙයි. වී මිල ඉහළ යයි. ධාන්‍ය අතුලු සියලු වගාවන් වලම මිළ අධික ලෙස ඉහළ යයි.
මේ තත්වය මත පිටරටින් ආහාර නිෂ්පාදන ගෙන්නගන්න ප්‍රමාද වුණොත්, රට ඇතුලෙ තියන නිෂ්පාදන සංචිත ජනතාවට මදි වෙන්න ලොකු ඉඩක් තියෙයි. අන්න එහෙම වුණොත්, එතන ගැටලුවක් තියනවා.
එත් වස විසෙන් තොර ආහාර ටිකක් ගන්න මිනිස්සුන්ට අවකාශ ලැබෙනව නම්, ඒ හැමදෙයක්ම සඳහා ටික කලයක් ඉවසන්න පුලුවන් නම්, ඔය තිරණය අවසානෙදි මේ මේ රට වඩාත් සෞඛ්‍යසම්පන්න රටක් වෙනවා.”