Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව රජයේ ඇමතිධුර දෙකක් දරණ බැවැනි එම සන්ධානය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධූරය දැරීමට හැකියාවක් නොමැති බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (27) පැවසීය.
අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, “ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තමයි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම පාර්ලිමේන්තුවට ආවේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කරනවා.
ඔහු මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස මහවැලි සංවර්ධන හා පරිසර ඇමතිධුරයත්, ආරක්ෂක ඇමති ධුරයත් දරනවා. එහෙම ඇමතිධුර දරද්දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා මේ ආණ්ඩුවේ සාමාජිකයෙකු වෙනවා. එවැනි තත්ත්වයකදී එම පක්ෂයට විපක්ෂනායක ධුරය ලබාදීම නීත්‍යනුකූල නැහැ.
අපිට බැලූ බැල්මට පේනවා මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධුරය ගියාට අවුලකුත් නැහැ කියලා. හැබැයි නීත්‍යනූකූල ප්‍රශ්නයක් තිබෙනවා. අපි කැමති දේ නෙමෙයි නීතියට අනුව හරි දේ වෙන්න ඕන. ඒක ඒ අය බේරගනිවි* යනුවෙන් පවසා සිටියේය.
popular news
Deepal Nirosh Thursday, 27 December 2018 01:16 PM
අතිගරු ජනාධිපත්තුමා දරන්නෙ එම තනතුරට ව්‍යවස්ථාපිතව හිමි අමාත්‍ය ධුර දෙකක්. එතුමා පාර්ලිමේන්තු සාමාජිකයෙක් නොවෙයි. ඉතින් මහින්දට විපක්ෂ නායකත්වය දරන්න බාධාවක් වෙන්නෙ කොහොම ද? ඇරත් ජනාධිපත්තුමා එම තනතුරට පත්වුණෙ වෙනත් පක්ෂ ලාංචනයකින්. අගමැතිකම වගේම විපක්ෂ නායක වෙන්න ඕනත් තමුන්ට මනාප අයෙක් ද?පුදුම ඒකාධිපතිවාදයක්.
Reply : 9 1
Bandula. Thursday, 27 December 2018 02:02 PM
අනේ මහත්තයෝ දැන්වත් මේ තනතුරු බෙදාගන්න නාඩගම නවත්වල වැඩක් කරන්න බැලුවොත් නේද හොද, පොඩි මිනිහට තේරෙන දේවල් ගොඩක් ලොකු අයට වැටහෙන්නේ ප්‍රමාද වෙලා නේද.
Reply : 0 37
Champa Thursday, 27 December 2018 05:24 PM
ජනාධිපතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා වුනේ පස්සෙනේ. 2015 ජනාධිපති තනතුරට ඉල්ලුවේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ හෙවත් හංසයාගෙන්. ඒ හින්ද ජනාධිපතිතුමා ඔයගොල්ලන්ගේ කෙනෙක් "නීතියට අනුව." මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා 2015 ජනාධිපතිවරනෙට විතරක් නෙමෙයි 2015 මහ මැතිවරණෙට ඉල්ලුවෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. ඒ හින්ද එතුමා තමයි පාර්ලිමේන්තුවේ ඉන්න එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායමේ නායකයා. ජනාධිපතිවරයාට ඕනේ තරම් ප්‍රමාණයක් ඇමති තනතුරු තියා ගන්න පුළුවන් ව්‍යවස්ථාව අනුව. මම කොහෙවත් දැක්කේ නැහැ කිසිම තහනමක්. ඒ ගැන මම මෙතන තිබ්බ වැලිඅමුණගේ ප්රවෘත්තියකට දැනටම comment එකක් දැම්ම හින්ද ආයේ ඒ ගැන ලියන්නේ නැහැ. ව්‍යවස්ථාව අනුව ජාතික ආණ්ඩුවක් නැතිකොට ඉන්න පුළුවන් ඇමතිවරු ගාන 30ක් පමණක් කියලා පැහැදිලිවම තියෙනව. යූඑන්පී එක උසාවියෙන් පැහැදිලි කිරීමක් ඉල්ලනවා කියල තිබ්බ. ඉල්ලන්න. උත්තරේ 30යි! එතකොට ජනාධිපතිතුමාට තියෙන ඇමති තනතුරු ගාන කීයද? ඒකයි අගම්තිතුමට තියෙන ඇමති තනතුරු ගානයි අඩු කරලා ඉතුරු ටික තමයි අනිත් අයට. දේන්නගේම එකතු කලාම 2 7 = 9. තව කැබිනට් ඇමතිවරු ඉන්න පුළුවන් 21ක් විතරයි.
Reply : 0 1
Champa Thursday, 27 December 2018 05:38 PM
තව ටිකක් කතාව පැහැදිලි කරන්නම්. ජනාධිපති, අගැමති සහ අමාත්‍ය මණ්ඩලය තුනම රාජ්‍ය පාලනයේදී එකක් විදිහටයි වැඩ කරන්නේ. ඒ කියන්නේ රාජ්‍ය සේවය එකක් නිසා. මම කියන දේ තේරෙනවද? ජනාධිපති, අගැමති සහ කැබිනට් එක, එක පක්ෂෙන් හෝ දෙකකින් වුනාට රාජ්‍ය සේවය පක්ෂ අනුව බෙදෙන්නේ නැහැ. ඒ හින්ද මේ තුන් ගොල්ලම වැඩ කරන්නේ එකම ව්‍යුහයක් විදිහට. උදාහරණයක් විදිහට ගහක් ගන්න. ගහේ මුල් තමයි ජනතාව. කඳ තමයි රාජ්‍ය සේවය. අතු තමයි ජනාධිපති, අගැමති සහ කැබිනට්ටුව. අපේ රටේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා තමයි රාජ්‍ය පාලනයේ අන්තිම තීරකයා. ඒ කියන්නේ අගමැති සහ කැබිනට්ටුවට බැහැ ජනාධිපතිවරයාගේ අනුමැතිය නැතුව කිසිම කැබිනට් පත්‍රයක් පාස් කරගන්න. පාර්ලිමේන්තුවට ගියත් ජනාධිපතිවරයාට බලය තියෙනවා ඕනේ පනතක් නවත්තන්න. එහෙම කරලා තියෙනවනේ මේ ජනාධිපතිතුමා. ඒකට හේතුව පාර්ලිමේන්තුවෙන් සම්මත වුනත් ජනාධිපතිවරයාගේ අනුමැතිය අතවශ්‍ය නිසා. උදාහරණයක් විදිහට ඊලඟ ජනාධිපතිවරයා ස්වාධීන මිනිහෙක් කියමු. කවුද ඉන්නේ? නාගානන්ද කියමු. එයාට පුළුවන් තමන් කැමති ඇමති තනතුරු තියාගෙන ඉතුරු ටික ආණ්ඩු පක්ෂෙට දෙන්න. ඊට පස්සේ ඒ ඉතුරු ඇමති තනතුරු තමයි කැබිනට් එක වෙන්නේ.
Reply : 0 3
Champa Thursday, 27 December 2018 05:51 PM
විපක්ෂනායක තනතුර ගැන කතා කලොත්, එක්සත්ජනතානිදහස්සන්ධානය දැන් හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඉන්නේ විපක්ෂයේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම ආණ්ඩුවට සම්බන්ධ නැහැ. අනික එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කාටක්වත් ඇමති තනතුරු නැහැ. දැනට. දැනට කියලා කිව්වේ අර 122ක් දාපු නඩුවක් තියෙනවනේ. ඒක අනුව එතකොට හිටපු කැබිනට් එකට බැහැ ඇමති තනතුරු ගන්න. ඒ හින්ද හිටපු ජනාධිපතිතුමා, ආපහු කියනවා, දැනට පාර්ලිමේන්තුවේ තියෙන තත්වය අනුව, හිටපු ජනාධිපතිතුමා තමයි විපක්ෂනායකයා "නීතියට අනුව." හැබැයි මම නම් සිරිසේන ජනාධිපතිවරයාව විශ්වාස කරන්නේ නැහැ. හදිසියෙවත් එයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කාට හරි, එක්කෙනකුට හරි ඇමති තනතරක් දුන්නොත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවේ කොටස්කරුවෙක් වෙනවා. ඒ හින්ද ඉතුරු පිරිස විපක්ෂයේ බහුතරය වුනත්, හිටපු ජනාධිපතිතුමාට විපක්ෂනායක තනතුර ගන්න බැහැ. හරියට ඉස්සර හිටපු ඒකාබද්ධ විපක්ෂේ වගේ. එහෙම වුනොත් "විතරයි" TNA එකට නැවත විපක්ෂනායක තනතුර ලැබෙන්නේ. ඒ හින්ද හිටපු ජනාධිපතිතුමා තමයි දැනට විපක්ෂනායක තුමා. (එතුමා තරහ වෙන එකක් නැහැ දැනට කිවට ඒ මොකොද මම අරයව විශ්වාස කරන්නේ නැහැ.)
Reply : 0 0
Champa Thursday, 27 December 2018 07:25 PM
අර ඇමති තනතුර ගාන ගැන නැවත ලියන්න ඕනේ. කලින් මතකෙන් ලිව්වේ. දැන් තමයි බැලුවේ ලිස්ට් එක. අගැමතිවරයට තියෙන ඇමති තනතුරු ගාන 5යි. වෘත්තීය පුහුණු, නිපුනතා සංවර්ධන සහ යව්වන කටයුතු කියන්නේ එක අමාත්‍යංශයක්. එතකොට 30 - 7 = 23 වෙනවා. එච්චරයි ඉන්න පුළුවන් අනිත් පිරිස නීති විරෝධියි.
Reply : 0 0
චාන්දන Friday, 28 December 2018 06:18 PM
ඔය නීති කතා කරන්නේ කටින්ද නැතිනම් වෙනත් තැනකින්ද? අර TNA මන්ත්‍රීවරු ද්විත්ව පුරවැසිකම් තියාගන ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් පාර්ලිමේන්තුවේ තවම ඉන්නවා. ලංකාව විනාස කරන්න උදව් කරන නිසා ඔවුන්ට විරුද්දව කතා කරන්නේ නැහැ.
Reply : 0 0
chandrika Saturday, 29 December 2018 03:12 PM
එතකොට SLFP චන්ද්‍රිකා ජනාධිපති කාලේ SLFP එක විපක්ෂයේ ඉන්නවට UNP කතා නොකළේ මොකද?
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd