ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එංගලන්තය සිය විරෝධය දක්වා තිබේ.
එංගලන්තයේ විදේශ කාර්යාලයේ සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවෙන් ලැබෙන වාර්තා සම්බන්ධයෙන් ගැඹුරින් අවධානය යොමුකර ඇති බවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ හොත් ලංකාව සමග් නීතිමය ගැටලු හා කටයුතු කිරීමේදී ඉතාමත් අපහසුවන බවත්ය.
ප්‍රති ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් එංගලන්තය ලබාදෙන සහාය මෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්ෂක ගැටලු, ප්‍රතිපත්ති සකස් කිරීම ඇතුළු විවිධ අංශයන් සම්බන්ධයෙන් එංගලන්තය ලබාදෙන තාක්ෂණික සහාය පිළිබඳව නැවත සළකා බැලීමට සිදුවෙනු ඇති බවත් එම කාර්යාලය සඳහන් කරයි.
මීට මාස හයකට පෙරාතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට ගෙන ආ යෝජනාවට ශ්‍රී ලංකාව පක්ෂව ඡන්දය දුන් බවත් එම ස්ථාවරයෙන් ඉවත්වීම සංචාරක ගමනාත්යක් හා ව්‍යාපාර සඳහා නැගී එන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට ගැටලුවක් බවත් එංගලන්තය සඳහන් කරයි.