Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ තිබූ ශ්‍රී ලංකාව පිළිබඳව වටිනාම ලියවිලි රජයේ කිසිම අනුමැතියකින් තොරව විදේශයට ලබා දී ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළි කළේය.
මතින් නිදහස් රටක්, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ති‍්‍රක් සමුළුව අමතමින් ජනාධිපතිවරයා ඊයේ (30දා) මාතර සනත් ජයසූරිය කී‍්‍රඩාංගණයේදී මෙම හෙළි කිරීම සිදුකළේය.
“අද මේ රටේ එක්තරා සුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් බෞද්ධ දර්ශනය පිළිබඳව, බුදුන් වහන්සේගේ උපත පිළිබඳව ඉතාමත් වැරදි අර්ථකතනයන් කරමින්, පොත් මුද්‍රණය කරමින් මේ රටේ බෙදා හරිනවා. ඒ පිටුපස ඉන්නේ ඒවාට මුදල් දෙන්නේ රාජ්‍ය නොවන සංවිධාන.
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව කොළඹ මුලස්ථානයයේ තමයි මේ රටේ ඓතිහාසික උරුමයන් වන වසර දහස් ගණනවක් අප විසින් ආරක්ෂා කළ, සුරක්ෂිත කළ කාටවත් නොදුන්න ලියකියවිලි තියෙන්නේ.
පසුගිය දවස්වල එම දෙපාර්තමේන්තුව රජයේ කිසිම අනුදැනුමක් නැතුව, කිසිම එකඟතාවයත් අනුමැතියක් නැතුව විදේශ රටකට ඒ සියල්ල දීලා තියෙනවා. ඒ නියෝජිතයා ඇවිත් ඒ සියල්ල පොටෝ කොපි කරගෙන, ස්කෑන් කරගෙන ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අරන් ගිහින් තියෙනවා.
එක් පැත්තකින් බෞද්ධ දර්ශනය විකෘති කරලා පෙන්වන්න ගෙන යන කුමන්ත්‍රණ. තවත් පැත්තකින් ජාතික ලේඛනාරක්ෂක ආයතනය වැනි අපේ උරුමයන්, අපේ මහා සංස්කෘතියක් සමඟ ගොඩනැගුණු ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ ඒ මහා වටිනාකම් විනාශ කරන ක්‍රමන්ත්‍රණ. මේවා අප විසින් තේරුම් ගත යුතු වෙනවා.”
popular news
Champa Thursday, 31 January 2019 08:54 AM
තේරුම් අරන් වැඩක් නැහැ. රටේ ජනාධිපති අපිට නෝක්කාඩු කියා කියා ඉඳල හරි යනවද? CID එකට කියල වහාම පරීක්ෂණයක් කරන්නේ නැතුව කවුද ඔය විදිහට විදේශයන්ට විස්තර දුන්නේ කියලා. අනික කවුද ඕනේ ලොක්ක? වහාම මිනිහව අස් කරන්න ඕනේ. රජයේ නිලධාරියෙක් විදිහට තමන්ට ආරක්ෂා කරන්න දීල තියෙන ලියවිලි ටික ආරක්ෂා කරන්න බැරි මිනිහගෙන ඇති වැඩේ මොකක්ද? ඕනේ තරම් නිලධාරීන් ඉන්නවා ඔය වගේ දේවල් කරන්න බැහැ කියලා ඕනේ දේශපාලකයෙකුට කියන. ගිය අවුරුද්දේ, blacklist කරලා තියෙන ලෝක කොටියෙක් ලංකාවට ඇතුල් වෙන්න හදල, immigration එක ඉඩ දුන්නේ නැහැ, ප්‍රධාන දේශපාලකයෙක්, කියන හැටියට මංගල, full try කරලා තියෙනවා මිනිහව රට ඇතුලට ගන්න. හැබැයි immigration නිලධාරීන් ඉඩ දීලම නැහැ. එහෙම තමයි නිලධාරීන් ඉන්න ඕනේ. හැබැයි රටේ ජනාධිපති එහෙම නිලධාරීන් ආරක්ෂා කරන්න ඕනේ. ඒක කියන කොට මතක් වුනේ, අන්න අර කොන්ද පණ ඇතුව වැඩ කරන රේගු අධ්යක්ෂ ජනරාල් කාන්තාව අයින් කරල. ජනාධිපතිතුමා වහාම ඒක අවලංගු කරලා ඇයට නැවත ඒ තනතුර දෙන්න. ඕක විතරක් නෙමෙය් තව හුගක් සංවේදී විස්තර විදේශ රටවලට දීල තියෙනවා, අපට ආවේනික අපේ ශාක ගැන, රට වටේ ඉන්න මත්ස්‍ය ප්‍රජාව ගැන, ඉඩම් ගැන, ත
Reply : 0 1
Champa Thursday, 31 January 2019 09:19 AM
තව ගොඩක් විස්තර පිටරටවලට දීල තියෙනව, අපේ දිය උල්පත් ගැන, අපේ භූ සම්පත් ගැන, තව පහුගිය දවස් වල තෙල් නිධි ගැන විස්තරත් දෙන්න හැදුව. අපිට ආවේනික අපේ සමහර ශාක වල අයිතිය තියෙන්නේ පිටරටවලට. පහුගිය කාලේ ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගැහැව්වා plant genetic engineering කරන්න. මම ඒ දවස් වල ලිව්වා මේ වැඩේ කරන්න එපා කියලා. මම මේ ඔක්කොමටම විරුද්ධව ලියලා තියෙනව. අපේ ඉතිහාසය සම්පූර්නයෙන්ම වෙනස් කරලා තියෙනව. අනික ඔය කතාව, ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුව දන්නේ නැතුව කියන්න බැහැනේ. ඒ ගොල්ලෝ දැන ගෙන ඉඳල තියෙනව. ඇයි සමහර ලේඛන නම් කරන්නේ නැත්තේ විධමත් දේශීය ආයතනයකට මිස වෙන කාටවත් පිටපත් කරන්න බැහැ කියලා. එහෙමනේ ආරක්ෂා කරන්න ඕනේ. අනික දැන් විදේශ රටවලට එක එක ආර්ථික කලාප හදන්න මහා පරිමාණයෙන් ඉඩම් දෙනවා. එහෙම දුන්නහම ඒ පළාත් වල තියෙන සියලු පෞරාණික ඉතිහාසය විනාශ වෙනවා. අපට ආවේනික ගස් වැල් කපා දානව. මේවා සංවර්ධනය නෙමෙයි. රට කෑලි කෑලි වලට කඩ කඩ පිටරැටියන්ට දීම. මේක වහාම නවත්තන්න ඕනේ. දැන්වත් හරියට වැඩ කරනවා නම්, මිනිස්සු ඉඳියි පිටිපස්සේ. අඩු ගානේ අනාගතේ හිරේ යන එකවත් නවතියි. මේවා කරන කරපු ඔක්කොම අනාගතේ හිරේ දාන්න ඕනේ
Reply : 0 0
Champa Thursday, 31 January 2019 09:43 AM
බුදු දහම විකෘති කරලා හොරට ලියපු පොත් සියල්ල තහනම් කරන්න ඕනේ. NGO වලින් හිටු කියලා සල්ලි බෙදනවා බුදු දහම සහ අපේ ඉතිහාසය වෙනස් කරලා ලියන්න. බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුන කියන එක පට්ටපල් බොරුවක්. බුදු දහම සහ අපේ ඉතිහාසය ගැන ලියන පොත් සියල්ල මුද්‍රණයට ඉස්සෙල්ල එක කමිටුවකින් අනුමැතිය ගන්න ඕනේ කියල නීතියක් ගේනන ඕනේ. ඒ කමිටුවට බුදු දහම සහ ඉතිහාසය ගැන හොඳ දැනීමක් තියෙන පැවිදි, ගිහි පරිසක් පත් කරන්න ඕනේ. විජය හොරා කතාවේ adults only කෑල්ල බොරුවක්. අපි පැවත එන්නේ සිංහයෙක්ගෙන් නෙමෙයි. සිංහයා විජය හොරාගේ සීය. විජය හොරා එක්ක පිරිසක් ආවට අපේ ජාතිය ඊට කලින් අවුරුදු දහස් ගානක ඉතිහාසයක් තියෙන රටක්. හොරු 700 කට ජාතියක් ගොඩ නගන්න පුලුවන්ද? මහා වංශය ඉතාම හොඳයි, නමුත් ඉන්දියන් ආභාෂය නිසා අපේ ඉතිහාසය පටන් අරන් තියෙන්නේ මැදින්. මුල කොටස හලලා. අපේ මුල් යක්ෂනාගරාක්ෂදේව ගෝත්රිකයන්ගෙන් පැවතෙන්නන් ගැන නැහැ. දෙමල, ඉන්දියන් ඉතිහාස පොත් වල ඒ ගැන තියෙනව. විජය හොරා හදපු කිසි දෙයක් මේ රටේ නැහැ. මේ මහා වැව්, දාගැබ්, ලෝවාමහාපාය, සීගිරිය වගේ විස්මකර්ම වැඩ කලේ ආදී යක්ෂ ගෝත්රිකයන්ගෙන් පැවතෙන යකඩ වගේ හයිය තියෙන මිනිස්සු.
Reply : 0 0
Deepal Nirosh Thursday, 31 January 2019 11:11 AM
ඉතින් රටේ නීත්‍යනුකූල භාරකරු විදියට ඕවාට කවුද වගකිව යුත්තේ? පත්තරකාරයො ටික නැත්නම් තමුන් ඔයි ටිකවත් දන්නැහැ නේ ද? අනෙක ඔවාට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය නම් විනයානුකූලව කටයුතු කරන්න පුළුවන්. බොරුවට තැන තැන කෑගැහුවට වැඩක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd