මේ වනවිට පැවැත්වෙන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ දී විජය පුවත්පත් සමාගමේ කර්තෘවරුන්ට අඩු සැලකිලි දැක්වීම හේතුවෙන් ඔවුන් එය විරෝධය පා සම්මාන උළෙල වර්ජනය කර තිබේ.
සම්මාන උළෙල පැවැත්වෙන BMICH හි පුවත්පත් කර්තෘවරුන් සහ මාධ්‍ය ප්‍රධානීන්ට අසුන් පනවන කොටසින් විජය පුවත්පත් සමාගමේ කර්තෘ මණ්ඩල අධ්යක්ෂවරයා ඇතුළු ප්‍රකාශන 5 ක ප්‍රධාන කර්තෘවරු ඉවත් කර ඔවුන්ව බැල්කනියට යොමු කර තිබීම සම්බන්ධයෙන් උත්සවයේ සංවිධායක වරුන්ට දැඩි විරෝධය පා එම සමාගමේ කර්තෘවරු සම්මාන උළෙලට සහභාගී නොවී නැවත පැමිණ ඇතැයි වාර්තාවේ.