රටේ උගතුන් බොහෝ දේවල් දේශපාලනඥයන්ට භාර දි තිබෙන බවත් බඩගින්න තමන් හොඳට හඳුනන බවත් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පැවසිය .
‘‘දුයිෂෙන් පරපුරක අභිසෙස් මංගල්‍ය ’’ යන තේමාව යටතේ දකුණු පළාතේ උපාධිධාරි ගුරු පත්විම් ලබා දිම සඳහා ඊයේ (27) මාතර , වැලිගම නගර ශාලාවේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා එසේ පැවසිය
එහිදි අදහස් පළකල ජනාධිපතිවරයා,
‘‘ මම ඊයෙත් මේ වෙලාවට හිටියේ මාතර දිස්ති‍්‍රකයේ , ඒ රුහුණු විශ්ව විද්‍යාලයේ පවත්වපු විශ්ව විද්‍යාල කි‍්‍රඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගි වුනා . ලංකාවෙම විශ්ව විද්‍යාලවල දරුවෝ ඇවිත් හිටියා , පළවෙනි වතාවට තමයි ජනාධිපති විදියට විශ්ව විද්‍යාලය ඇතුලට ගිහින් කතාවකුත් කරන්න ලැබුනේ . සාමාන්‍යයෙන් යන්න දෙන්නෙ නැනේ , අද මේ පත්විම් ගන්න ආපු අය ශිෂ්‍යයන් විදියට හිටපු කාලේ . අද දකුණු පළාතේ උපාධිධාරි දරුවෝ විදියට ඔබ රටේ අනාගතයත් , දරුවන්ගේ අනාගතයත් භාර ගන්න දවස .
මම මේ උත්සවයට ආවේ ඇයි? . රජයෙන් පත්විම් දෙනකොට ජනාධිපති එන්න ඕනද? මම හිතන්නෙ එන්න ඕන නැහැ . එහෙනම් ඇයි මම ආවේ . ජනාධිපති විදියට ආවේ තරුණ උගත් ඔබට තියෙන ගෞරවය නිසයි . මේ රටේ සංවර්ධනයට , මේ රටේ දියුණුවට තියෙන බාධාවන් රාශියක් ඔබ දන්නවා . අද මේ රටේ උගතුන් බොහෝ දේවල් දේශපාලනඥයන්ට භාර දිලා තියෙනවා . නමුත් උගත් ඔබට මොන තරම් දේ කළ හැකිද? මොනතරම් වගකිම් දරන්න පුළුවන්ද? ඒ දක්ෂතාවය , කුසලතාවය , අධිෂ්ඨානය , ගරුත්වය හැමදේම ඔබට තියෙනවා කියන එකයි මගේ විස්වාසය . ඒ වගේම රාජ්‍ය සේවයේ තුල විවිධ සේවාවන් ගත්තම උතුම්ම වෘත්තිය ලෙස ගුරු වෘත්තිය හඳුන්වන්න පුළුවන් . මිනිසා සත්වයෙක් නොවි මිනිසෙක් බවට පත් කරන්නේ ඔබයි , ගුරුවරු නොමැතිනම් මිනිස්සු ඔක්කොම සත්තු , තිරිසන් ගතිපැවතුම් වලින් මනස දියුණු කරන්නේ ගුරුවරයා.
අද මේ උත්සවයේ හවස 2 වැටුනේ කොහොමද කියලා මම දන්නෙ නැහැ . මම දුන්නෙ හවස 3 . නමුත් මේ වැඩසටහනේ තියෙන්නෙ හවස 2 කියලා දාලා . ඉතින් මම ජාතික ආරක්ෂක මණ්ඩලයේ වැඩසටහන භාගෙට නතර කරලා , ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ සාකචිජාවත් භාගෙට නතර කරලා ඉක්මනට මෙතනට ආවා , ඇවිත් බලනකොට වැඩසටහනේ දාලා තියෙන්නේ 2 ට පටන් ගන්නවා කියලා . ලේකම්තුමා , අධ්‍යක්ෂකතුමා තරහා වෙන්න එපා මෙහෙම කිව්වට. මම හිතුවා මම එන්න කලින් හොඳ දේශනයක් ඇති කියලා අලූත් පත්විම් ලබපු අයට . එහෙම තිබුන නම් කොච්චර හොදද? මම හිතන්නෙ ඒ වැඩේ කාටත් අමතක වෙන්න ඇති . ඔබට මතකද බාල කාලයේ ඔබේ ගුරුවරු පාසලේ වැඩ කරනකොට සමහර දරුවන්ට වැඩිපුර සැලකුවා.
සමහර දරුවන්ව නොසලකා හැරියා . සමහර ගුරුවරු වත්පොහොසත්කම අනුව සැලකුවා . පංතියේ දරුවෝ 40 ක් ඉන්නවනම් ඒ 40 දෙනාටම ඔබ අවධානය යොමු කරන්න ඕන . දරුවන්ගේ සිත් දිනාගන්න එක තමයි අමාරුම වැඩේ ඒක හරියට දේශපාලනඥයෙක් ජනතාවගේ සිත් දිනාගන්නව වගේ අමාරු වැඩක් . මෙතන ඇති විවාහක, අවිවාහක අය නමුත් අද ඉදන් ඔබ මවක් සහ පියෙක් වෙනවා . ජනාධිපතිවරයා විදියට බඩගින්න මම හොඳට අදුරනවා . වතුර නැති කාලේ අපේ තාත්තයි මමයි කුඹුරට ගිහින් වෙල් යාය දිහා බලලා එනකොට තාත්තගේ ඇස්වලින් කදුළු එන්නෙ ඇයි කියලා මම දන්නවා. අපිට කන්න දෙන්නෙ මොනවද කියලා . එහෙම තමයි තාත්තලා . අපි හැමකෙනෙක්ම ජිවිතයේ ලැබෙන අත්දැකිමි එක්ක ජිවිතය තේරුම් ගන්න ඕන ’’ යැයි ජනාධිපතිවරයා වැඩිරටත් පැවසිය .