ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දින 10කට පෙර පැවති ජනාධිපතිවරණයෙන් පසුව මේ වනතෙක් වඩාත් ඵලදායී දෙයක යෙදී නොමැති බව එක්සත් ජනපද මාධ්‍ය පෙන්වා දෙයි.
මැතිවරණ පරාජයද මේ දක්වා පිළි නොගන්නා ට්‍රම්ප්, ජනවාරි 20දා සුමට ආකාරයකින් තේරීපත්වූ ජනාධිපති ජෝ බයිඩන්ට බලය හුවමාරු කරනු ඇති බවට ඉඟියක් මෙතෙක් පළ කර නැත. ඒ අනුව, මේ සති දෙකකට ආසන්න කාලය තුළ ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩා කරමින්, ට්විට් සඳහා වැඩි කාලයක් යොදවමින්, මතභේදාත්මක ආරක්ෂක තීරණ ගනිමින් සහ තමන්ට එරෙහි වන්නන් බලයෙන් පහ කරමින් කටයුතු කරමින් සිටියි.
ගොල්ෆ් ක්‍රීඩාව - ට්‍රම්ප් පසුගිය සති අන්තයේ දෙවරක් වර්ජිනියාවේ සිය ගොල්ෆ් ක්‍රීඩා සමායේ ගොල්ෆ් ක්‍රීඩා කළ අතර, ඒ අනුව ඔහු සිය ධුරයේ සිටි කාලය තුළ ගොල්ෆ් පිටියක ගත කළ දින ගණන 283ක් බවට පත්ව තිබේ. ට්‍රම්ප් පසුගිය සති අන්තයේ ජෝ බයිඩන් මැතිවරණයෙන් ජයග්‍රහණය ලබන බව නිවේදනය වනවිටද ගොල්ෆ් පිටියේ සිටියේය.
ට්වීට් කිරීම - ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම මේ වනවිට සම්පූර්ණයෙන්ම පාහේ භාවිත කර ඇත්තේ මැතිවරණය පිළිබඳ තම මතය ජනතාව තුළ පදම් කිරීම සඳහාය. නිල වශයෙන් පැමිණෙන ඕනෑම තොරතුරක් ප්‍රතික්ෂේප කිරීම හෝ සාක්ෂි රහිතව ඒවා කුමන්ත්‍රණ බවට ප්‍රකාශ කිරීම ඔහුගේ ට්විට් තුළ දැකිය හැකිය. එමෙන්ම මේ වනවිට ටව්ටර් සමාජජාලයද ට්‍රම්ප්ගේ බොහෝ ට්විට් සඳහා ටැග් එකක් යොදන්නේ, එව නිල තොරතුරු හා ගැටෙන හා සාවද්‍ය බව පවසමිනි.
මතභේදාත්මක ආරක්ෂක තීරණ - ට්‍රම්ප් ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ ඇමරිකානු හමුදා යළි කැඳවීමට සැලසුම් කර ඇති බව පෙන්ටගනය සඳුදා ඉඟි කළේය. එමෙන්ම නිව්යෝක් ටයිම්ස් පුවත්පතට අනුව, ට්‍රම්ප් සිය ධුරයෙන් ඉවත්වීමට පෙර ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන්ට පහර දීමට විකල්ප ඉල්ලා ඇති බවද කියයි.
බලයෙන් පහ කිරීම් - මැතිවරණයෙන් දින කිහිපයකට පසු ට්‍රම්ප් ආරක්ෂක ලේකම් මාක් එස්පර් ඉවත් කළ අතර එතැන් සිට ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් කාර්ය මණ්ඩලයෙන් ඉවත් කිරීම් මාලාවක් සිදුකර තිබේ. CIA අධ්යක්ෂ ජිනා හැස්පෙල් ඉවත් කිරීමේ හැකියාව ගැන ඔහු තරයේ කියා සිටින අතර, FBI හි අධ්යක්ෂ ක්‍රිස්ටෝපර් වේරේ ඉවත් කිරීම ගැන විවෘත අනුමාන කර ඇත.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආසන්නතම කැපිල්ලට ලක්ව ඇත්තේ, එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුය. ට්‍රම්ප් විසින් එරට සයිබර් ආරක්ෂණ හා යටිතල පහසුකම් ආරක්ෂක ඒජන්සියේ අධ්යක්ෂ ක්‍රිස්ටෝපර් ක්රෙබ්ස් මෙසේ සේවයෙන් පහ කරනු ලැබුවේ පුළුල් මැතිවරණ වංචා පිළිබඳ ට්‍රම්ප්ගේ ප්‍රකාශ ඔහු ප්‍රතික්ෂේප කළ නිසාය.