තමන් ජාතිකත්වය සහ මවුබිම පිළිබඳ මතවාදය මුල් කරගෙන ශ්රී ලංකාවේ ඉදිරි දේශපාලන කටයුතු වල නියැලීමට බලාපොරොත්තු වන බව උවිදු විජේවීර පවසයි.
අද (13) දින උදෑසන රුසියාවේ සිට පැමිණි අවස්ථාවේදි කටුනායක ගුවන් තොටුපළේ දී ඔහු මේ බව පැවසීය .
තමන් රට වෙනුවෙන් යම් දෙයක් කළ යුතු බව සිතන බවත් , ඒ සදහා තම තරුණ ජවය සහ ශක්තිය දායක කර ගනිමින් , මේ වනවිට ඒ සදහා අවංක , සුදුසු දේශපාලන ධාරාවක් තෝරා ගන්නා බවද ඔහු පැවසීය .
මේ සදහා ජනතා විමුක්ති පෙරමුණෙන් හෝ පෙරටුගාමී පක්ෂයෙන් ආරාධනා ලැබී නැති බවත් ඔහුට ජනතා විමුක්ති පෙරමුණේ අයිතියක් නොමැති බවත් ඒක තාත්තා හදපු පක්ෂයත් බවත් උවිදු විජේවීර පවසයි .
එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙවැන්නකි,
“මම රුසියාවට යෑමට පෙර අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් හමු වී සාකච්ඡා කළා . මට මේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව යම් පැහැදීමක් තිබෙනවා . ඔහු යම් සාධනීය වැඩපිළිවෙළක් රට තුළ ක්රියාත්මක කර තිබෙනවා . ඒ නිසා මට ඒ පිළිබඳව යම් හැගීමක් ඇති වී තිබෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය .