පාර්ලිමේන්තු මැතිවරණයට යෑම තෙවැනි පියවර වශයෙන් සිදුවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී බිමල් රත්නායක මහතා පැවැසීය.
අද පාර්ලිමේන්තුවේදී ඔහු පැවැසුවේ පළමුව රාජ්ය විරෝධී කුමන්ත්රණයට සම්බන්ධ වූවන්ට දඬුවම් ලබාදීම පළමුවත්, දෙවැනුව විධායකය අහෝසි කිරිමත්, තෙවැනුව ඡන්දයකට යෑම සිදුවිය යුතු බවත් ඔහු පැවැසීය.
එසේම වත්මන් ජනපතිවරයා දැන් දුර්වල වී ඇති බවත් ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරයත් ජනතා මතයත් නොමැති බව ඔහු වැඩිදුරටත් පැවැසීය.