ජනතා අපේක්ෂාවන්ට අකුල් හෙළන කුමන හෝ බලවේගකයට රට තුළ ඉඩක් නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
දේශීයත්වයට මුල් තැන දෙන ශක්තිමත් ආර්ථිකයක් රටට අවශ්‍ය බවත් ඒ හරහා ස්වාධීනත්වය කරා තැබූ පියවර වඩාත් තහවුරු කරන බව තම විශ්වාසය බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.