“පසුගිය රජය සමයේ මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ ඇති වූ වියවුල් සහගත තත්ත්වය නිසා රට අදටත් කිසියම් චකිතයකින් තමයි තිබෙන්නේ. විශේෂයෙන් ම 2015 සිට 2019 දක්වා රට තුළ ජාතික ආරක්ෂාවට ජාත්‍යන්තරයේ බලපෑම් එල්ල වුණා. අවුරුදු 30කට ආසන්න කාලයක් මේ රට ගිලගෙන තිබුණු එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් රට ගලවා ගැනීමේ මෙහෙයුම ඉටු කිරීමේ දී එවක ආරක්ෂක ලේකම් වශයෙන් සිටි වර්තමාන ජනාධිපතිතුමා බුද්ධි අංශ සමඟ ඉතා ම කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියා. විශේෂයෙන් ම අභ්‍යන්තර ආරක්ෂක විධිවිධාන වගේ ම පිටරටින් පැමිණෙන පුද්ගලයන් පිළිබඳ පවා සුවිශේෂී ආරක්ෂිත ක්රමෝපායයන් ක්‍රියාවට නංවන්නට කටයුතු කර තිබුණා. ලංකාවට පැමිණෙන විදේශිකයන්ට වීසා නිකුත් කිරීමේ දී ඔවුන්ගේ වටපිටාව පරීක්ෂා කිරීම ආදිය නිසි පරිදි සිදු කරන්නට අදාළ නිලධාරින්ට උපදෙස් සහ විධිවිධාන ලබා දී තිබුණා. නමුත් පසුගිය කාලය තුළ එය ක්‍රියාත්මක වුණේ නැහැ. නිදසුනක් ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුවන මේ දිනවල හිටපු පොලිස්පතිතුමා, ආරක්ෂක ලේකම්තුමා දක්වන අදහස්වලින් පෙනී යනවා ඔවුන් ජාතික ආරක්ෂාව සම්බන්ධ ව කටයුතු කළේ කවරාකාරයෙන් ද කියලා. ඒ නිසා කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 13වන පර්යේෂණ සැසිය සඳහා ‘ජාතික ආරක්ෂා සහ රටේ සංවර්ධනය‘ මාතෘකාකොට ගෙන තිබීම ම අතිශය වැදගත් ලෙස මා දකිනවා” යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසී ය.
අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ, කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පැවති 13වැනි පර්යේෂණ සැසියෙහි සමාරම්භක උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.