රටේ ජන ගහණය මෙන් දෙගුණයක් ජංගම දුරකතන භාවිත කරන බවත් එයින් 50%ක් වන මුදල් ප්‍රමාණයක් පිට රටට ඇඳී යන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කටුපොතදී පැවැති ආගමික උත්සවයකින් අනතුරුව ජනතාව අමතමින් ජනපතිවරයා ඊයේ මේ බව පැවැසීය.
“අපි මොන තරම් ආහාර පිට රටින් ගේනවාද? දැන් ආහාර කියලා නොගෙන්වන දෙයක් නැහැ. සෑම දෙයක්ම පිටරටින් ගේනවා. වර්ෂාව ලැබීමත් සමඟ අපි අපේ ශක්තිය ගැන විශ්වාසය තබන්න ඕන. රටින් ගේන කෑම කනවද? අපේ කුඹුරේ අපිට කරන්න පුළුවන් වගාවත් අපි කොහොමද කරන්නේ කියලා.
මේ රටේ ජනගහණය වගේ දෙගුණයක් ජංගම දුරකථන භාවිතා කරනවා. ඒ සල්ලි යන්නේ කොහාටද? එයින් සියයකට 50ක ට වැඩි මුදලක් යන්නේ පිටරට සමාගම්වලට. අපි කෘෂිකාර්මික රටක් විදියට අපේ අතින් සිදුවන මෙවැනි අඩු පාඩු හදාගන්න පුළුවන්.
ලංකාවේ දුගී භාවයට ප්‍රධාන හේතුවක් අරක්කු, සිගරට් කියලා ඔබ දන්නවා. ඒවාට වැඩියෙන් වියදම් කරන්නෙත් ලංකාවේ දුගී පවුල්වල ජනතාව. ඒ නිසායි මම කියන්නෙ ගෙදර පවුලේ මුල්‍ය කළමනාකරණය වෙනුවෙන් දරුවෙක් ගණකාධිකාරවරයෙක් බවට පත් කළාම ඔබට පුළුවනගෙදර මූල්‍ය විනයක් පවත්වා ගෙනයන්න.”