තම සේවකයන්ගේ, සමාජයේ හා ජාතියේ සෞඛ්‍ය තම ප්‍රමුඛතාව බව බ්‍රැන්ඩික්ස් ආයනනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ ඇතිවූ කොවිඩ් ආසාදන පොකුර සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව පවසයි.
මේ වන විට කර්මාන්ත ශාලාවේ සේවකයන් 1394ක් පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කර එයින් පුද්ගලයන් 567ක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇති බවද සමාගම පවසයි.
මෙම තත්ත්වය හමුවේ නිරෝධානයට ලක්වන සියලු දෙනා වෙනුවෙන් අවශ්‍ය පහසුකම් උපරිමයෙන් ලබා දෙන බවත් සමාගම පවසයි.
කර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ බොහෝ දෙනෙකු ඒ පිළිබඳව රෝග ලක්ෂණ නොපෙන්වූ බවද ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරයි.