රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තරයෙන් එල්ල වන බලවේග හමුවේ මෙරට රණවිරුවන්ව ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිය දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (27දා) පෙරවරුවේ දොඩම්ගස්ලන්ද රිදීගම සති පොළ භූමියේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව එල්ලවූ ජාත්‍යන්තර බලපෑම් පසු ගිය රජයේ තීන්දු තීරණ ගැනීමේ නොහැකියාව හේතුවෙන් වර්ධනය වී ඇති බවයි.
එජාප රජයක් පැවති සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව දෙසට ජාත්‍යන්තර බලපෑම් බරපතල ලෙස එල්ල වූ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ එවැනි අවස්ථාවලදී ඔවුන් එම බලපෑම් වලට සහය දැක්වීමට කටයුතු කළ බවයි.
මෙරට රණවිරුවන් එදා දිවි පරදුවෙන් සටන් කර රට රැකගත් නිසා වර්තමානයේ දී ජනතාවට සැහැල්ලුවෙන් සතුටෙන් නිදහසේ ජීවත් වීමට අවස්ථාව උදාවී තිබේ.
2015 වන විට යුද්ධයක් නිමා කරමින් වුවද තම රජය පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට සමත් වී තිබූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා පැවති රජයේ දුර්වලතා නිසා පසුගිය වසර පහ තුළ ත්‍රස්තවාදය හිස ඔසවමින් පාස්කු ප්‍රහාරය එල්ල වීමත්, පාතාල ක්‍රියාකාරකම් වැඩිවීමත්, මත්ද්‍රව්‍ය උවදුර ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සිදුවූ බව පෙන්වා දුන්නේය.
2015 ට පෙර රටින් පලා ගිය ඇතැම් පාතාල නායකයින් තම මැතිවරණ ව්‍යාපාර වලට ගෙන්වා ගත් දේශපාලනඥයින් පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.