අද (07) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළ සිටියේ,
සෑම දරුවකුටම ඉගෙනගැනීම සඳහා සාධාරණ අවස්ථා ඇති කරලීම වෙනුවෙන් ළඟම පාසල හොඳම පාසල වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින බව පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා වැඩවසම් සමාජ ආකල්ප බැහැර කරමින් දක්ෂතා අනුව සිසුන්ව ඇගයීමටත් තම දක්ෂතා සහ හැකියා අනුව ඔවුන්ට ඉදිරියට යාමටත් අවස්ථා ඇති කළ යුතු බවත් මෙහිදී පැවසීය.
ජාත්‍යන්තර පාසල්වල සිසු දරුවන් මීට වසර ගණනාවකට පෙර සිටම රජයේ ප්‍රධාන විභාගවලට පෙනී සිටි බව පැවසූ අමාත්‍යවරයා විභාග දෙපාර්තමේන්තුව ද මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව කටයුතු කරමින් මෙවරද විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගත් බව ද සඳහන් කළා. නමුත් එවැනි කරුණක් අවස්ථාවාදී ලෙස ඉස්මතු කිරීම මගින් දැනට අධ්‍යාපන ලබන සිසු දරුවන් අතර අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කරන බව ද පෙන්වා දුන්නා.
ජාත්‍යන්තර පාසල්වල කටයුතු නියාමනය කිරීමේ වගකීම හඳුනාගත් වර්තමාන රජය ඒ සඳහා ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවීමට කටයුතු කර ඇති බව ද පැහැදිලි කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම මණ්ඩලය හරහා ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයන් මෙන්ම එම ආයතන සතු භෞතික පහසුකම් සහ ගුරුවරුන්ගේ සුදුසුකම් සම්බන්ධව ද නියාමනය සිදුකරන බව පැවසිය. මේ සියල්ල හරහා ජාත්‍යන්තර පාසල්වල ප්‍රමිතියක් ඇති කිරීමට හැකි බව ද අමාත්‍යවරයා තම විශ්වාසය පළ කළේය.
එසේම ජාත්‍යන්තර පාසල් මෙරට පිහිටුවීමේ දී එම ආයතන අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය යටතේ පිහිටුවීමට හැකි වන පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන බවද සඳහන් කළේය.