ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානී චීන ජාතික මෙං හොංවෙයි චීනයේදී අතුරුදන් වීම පිළිබඳව ප්‍රංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ජාත්‍යන්තර පොලිස් ආරංචි මාර්ග පවසන්නේ, සතියකට පෙර ප්‍රංශයේ පිහිටි ඉන්ටර්පෝල් මූලස්ථානයේ සිට චීනයට පිටත්ව ගිය පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවට ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම් දී ඇති බවයි.
කෙසේ වෙතත්, ඔහු ප්‍රංශය තුළදී අතුරුදන් වී නොමැති බව ප්‍රංශ පුවත් සේවය අභ්‍යන්තර තොරතුරු ආශ්රයෙන් අනාවරණය කරයි.
මෙසේ අතුරුදන්ව ඇති ඉන්ටර්පෝල් පොලිස් ප්‍රධානියා චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බවද කියැවෙයි.
මෙං හොංවෙයි 2016 නොවැම්බර් මසදී ජාත්‍යාන්තර පොලිසියේ සභාපති ධුරයට තේරීපත් වූ අතර, ඔහු වසර 2020 වන තෙක් එම ධුරයේ සේවය කිරීමට නියමිතව තිබිණි.
එවකට චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ඔහු එරට මහජන ආරක්ෂාව පිළිබඳ උප අමාත්‍යවරයා ලෙසද කටයුතු කර ඇති අතර, පොලීස් හා අපරාධ යුක්තිය පිළිබඳ වසර 40ක අත්දැකීම් ඔහු සතු වෙයි.
ඔහුගේ බිරිඳ සිය ස්වාමි පුරුෂයා අතුරුදන් වී ඇති බවට පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.