ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ආරක්ෂාව පිළිබඳ තාක්ෂණික පරීක්ෂණයක් සිදුකර, රුසියාව 2025 සිට ව්‍යාපෘතියෙන් ඉවත් වීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.
"මෑතකදී තාක්ෂණික දෝෂයන් පිළිබඳ වාර්තා බොහෝ විට පැමිණෙමින් තිබෙනවා. හදිසි අනතුරු සිදුවීම වළක්වා ගැනීම සඳහා මධ්‍යස්ථානය පිළිබඳ තාක්ෂණික පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය වෙනවා" යැයි රුසියානු නියෝජ්‍ය අගමැති යූරි බොරිසොව් පැවසීය. "මෙයින් පසු තීරණයක් ගත යුතුයි"
අප්‍රේල් 12දා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සහභාගී වූ රැස්වීමකදී මෙම ව්‍යාපෘතියට රුසියාව තවදුරටත් සම්බන්ධ වීම පිළිබඳව සාකච්ඡා කර තිබුණි.