ශ්රී ලංකාවේ සියලු ජාතීන් අතර සාමය සංහිදියව වර්ධනය වේවා, යන අධිෂ්ඨානයෙන් යුතුව මන්නාරම සිට අනුරාධපුර දක්වා වූ කිලෝමීටර් 150 ක දුර ප්රමාණයක් බිම පෙරළී යමින් දේව කන්නලව්වක් සිදු කිරීමට මන්නාරමේ හින්දු බැතිමතෙකු පියවර ගෙන ඇත.
මන්නාරම තිරුකේදීස්වරන් හින්දු කෝවිලේ සිට අනුරාධපුර කදිරේශන් කෝවිල දක්වා ප්රධාන මාර්ගය ඔස්සේ බිම පෙරලෙමින් අධිෂ්ඨාන සාම ගමන අරඹා ඇති මෙම පුද්ගලයා 05 වනදා ගමන් අරඹා ඇති අතර දිනකට උදෑසන සිට රාත්රිය වන තුරු හැකි තරම් කාලයක් බිම පෙරලී ගමන් කිරීම අධිෂ්ඨාන කරගෙන ඇත.
හින්දු බැතිමතා බිම පෙරලෙන විට ඔහුගේ හිතවතුන් හා ඥාතීන් පිරිසක් විසින් මාර්ගයේ බිම පෙරලෙන පෙදෙසේ ගෝනි හා පඩංගු යොදන අතර එය කොතෙක් අසීරු කටයුත්තක් වුවුද මහත් ආශාවකින් හා සතුටකින් යුතුව සිය ගමන සිදු කරන බවට ඔහු පවසයි.