ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් වෛද්‍ය සහතික ලබා ගැනීමේදි ඊට අවශ්‍ය දින වෙන් කරවා ගැනීමට online ක්‍රමයට පහසුකම් සපයන නව යෙදවුමක් හඳුන්වා දිමට කටයුතු යොදා තිබේ.
මෙම ප්‍රධානතම යෙදවුම හඳුන්වාදීම අද (21) සෙත්සිරිපාය ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් දි සිදු කර ඇත.
මෙම නවතම යෙදවුම මෙම සතියේ සිකුරාදා තෙක් පරීක්ෂණ මට්ටමින් පවත්වාගෙන යන අතර ලබන සඳුදා සිට මහජනතාවට එම යෙදවුම භාවිතා කළ හැකිය.
මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා වෛද්‍ය සහතික පත් ලබා ගැනීමට දින වෙන් කරවා ගැනීම online ක්‍රමයට මෙම යෙදවුම භාවිතා කරමින් සිදු කළ හැකිය.
මින් පෙර දුර බැහැර සිට මහජනතාව දින වෙන් කරවා ගැනීම සඳහා නුගේගොඩ පිහිටි ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත පැමිණීමට සිදු වි තිබේ.
නමුත් මෙම යෙදවුම භාවිතා කිරීම මගින් online ක්‍රමයට අදාළ දින වෙන්කරවා ගැනීමේ පහසුකම් සලසා දි තිබේ.