පසුගිය වසර හතර හමාරක කාලයක් පුරා උතුරේ දමිළ ජනතාවගේ කිසිදු ප්‍රශ්නයකට පිළිතුරක් ලබා දීමට හෝ උතුරේ එකදු සංවර්ධන වැඩපිලිවෙලක් ආරම්භ කිරීමට හෝ එජාප රජය අසමත් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
අද පෙරවරුවේ දෙමළ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ය.
“දෙමළ මාධ්‍ය භාවිතා වන විදිහ සෑමවිටම ආණ්ඩු විරෝධී මාවතක් ගන්නවා. දෙමළ ජනතාවයි ආණ්ඩුවයි ඈත් කරන කරන්න එපා කියලා මම දෙමළ මාධ්‍ය ආයතන වලින් ඉල්ලනවා.
අපේ රට අභ්‍යන්තරයේ ප්‍රශ්න විසඳන්න පිටට දෙන්න බැහැ. ජනතාවයි ආණ්ඩුව අතර සම්බන්ධය ඈත් කිරීම අවුරුදු ගණනාවක් පුරා සිදු කෙරුණා. අපි එකතු වෙලා ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න ඕනේ. ඡුන්දේ දුන්නත් නොදුන්නත් දෙමළ ජනතාව අපිට ලං වුණත් නැතත් අපි ප්‍රශ්න වලට පිළිතුරු හොයන එක කරනවා.
Q සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධයෙන් මෙහිදී ඉදිරිපත්වූ ගැටළුවකට පිළිතුරු ආරම්භ කර තිබෙනවා ද?
A ඔව් ඇත්තටම අපි ඒ පිළිබඳව සාකච්ඡුා කරමින් පවතිනවා. ඔබ දන්නවා ඉතාමත් ඉක්මනින් මැතිවරණයක් එනවා. ඒ මැතිවරණයෙන් පසුව තමයි අපි ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන්නේ. එය රටට වැදගත් කාරණාවක් නිසා අපි දැනටමත් ඒ පිළිබඳව සාකච්ඡුා ආරම්භ කොට තිබෙනවා.
Q ක`දුරට ජනතාවට රුපියල් දහසක් දක්වා පඩි වැඩි කිරීමේ ප්රශ්නය ජනාධිපතිවරණයෙදි පොරොන්දුවක් හැටියට ලබා දුන්නා. ඊට විසඳුම ලබා දෙන්නේ කොයි වගේ කාලයක දී ද?
A කඳුරට වතු ජනතාවගේ ප්රශ්නය පිළිබඳවත් අපි දැනටමත් සාකච්ඡුා කරමින් ඉන්නවා. වතු සමාගම් සමඟ සාකච්ඡුා කිරීම ආරම්භ කොට තිබෙනවා. අපේ උත්සාහය ඉතාමත් ඉක්මනින් වතු ජනතාවට වැටුප් වැඩි කිරීමට පියවර ගැනීමයි.
Q ජිනීවා සමුළුවේදී රජයේ ස්ථාවරය කුමක් ද?
A මෙවර ජිනීවා සමුළුවේ දී විශාල බලපෑමක් ඇති වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඊලග ජිනීවා සමුළුව වෙනකොට හිතවත් ජාත්‍යන්තරයේ රටවල් සමඟ සාකච්ඡුා කිරීමට අපි පියවර ගන්නවා. අපේ බලාපොරොත්තුව ඊල`ග ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාව පිළිබඳ ගැටලූවලට සාර්ථකව මුහුණ දීමයි.
Q දෙමළ ජනතාවට අයිතිවාසිකම් ලබා දීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ගේ මතයේ වෙනසක් තියෙනවා. ඔහු කියනවා අවුරුදු හැත්තෑවක් දෙමළ දේශපාලනඥයින් ජනතාව රැුවටූ බව. වත්මන් රජය දහතුන්වැනි සංශෝධනය සම්බන්ධ මතය වෙනස් කර ගෙන තිබෙනවාද?
A නැහැ එහෙම මතයක් වෙනස් කර ගෙන නැහැ. අවුරුදු හැත්තෑවක් පුරා දෙමළ දේශපාලනඥයින් ජනතාව රැුවැට්ටුවා. දෙමළ මාධ්‍ය වුණත් ඊට අනුබල දුන්නා කියලා මම හිතනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ නම් දෙමළ මාධ්‍ය එහෙම කළේ නැහැ. පසුගිය අවුරුදු හතරහමාරක කාලෙ පුරා එජාප ආණ්ඩුවක් තිබුණා.
ඔවුන් උතුරේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න කිසිම දේකට පිළිතුරක් ලබා දීමට පියවර ගත්තේ නැහැ. දෙමළ ප්‍රශ්න වේවා අතුරුදහන්වූවන්ගේ ඒ ප්රශ්නය වේවා උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන ප්රශ්නය වේවා කිසිම දෙයකට පසුගිය රජයේ පිළිතුරක් ලබාදීමට පියවර ගත්තේ නැහැ. එදා අම්මලා අතුරුදහන් වූ දරුවන් වෙනුවෙන් උපවාස කරනකොට සමහර රජයේ ප්‍රධානින් එතනින් වාහනවලින් ගියා.
ඔවුන් දිහා බැලූවේ වත් නැහැ. නමුත් මේ අයට ඡුන්දෙ දීලා ආණ්ඩුව පිහිටුවන්න මූලික වුණේ දෙමළ ජනතාවයි. සෑම විටම එජාප ආණ්ඩුව රැුක ගත්තේ දෙමළ ජාතික සන්ධානයයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කියන්නේ දෙමළ ජාතික සන්ධානයේ ආණ්ඩුවයි. සංවර්ධනය කිරීම තබා එක බෝක්කුවක් හදපු තැනක් මට පෙන්නන්න ඔයාලට පුලූවන්ද.
Q දෙමළ ජනතාවටත් මේ රට ගැන හැඟීමක් දැනීමක් තිබෙනවා.ජාතික ගීය දෙමළෙන් දෙමළෙන් ගායනා කරන්නේ නැහැ කියලා කතාබහක් තියෙනවා. එවැනි තත්ත්වයක් ඇති වුණොත් මේ ඇතිවෙලා තිබෙන හිඩැස ලොකු වෙන්න ඉඩ තියෙනවා නේද?
A ජාතික ගීය පිළිබඳ ප්රශ්නය අපි දකින්නෙත් පත්තර වලින් තමයි. අපේ වේදිකාවල කියන්නේ නැහැ ජාතික ගීය ගායනා කරන්නේ සිංහලෙන් පමණයි කියලා. ජාතික ගියක් තියෙන්න පුළුවන් රටකට එකයි. සිංගප්පූරුවේ වුණත් ඉන්දියාවේ වුනත් විවිධ භාෂා භාවිතා වුණත් ජාතික ගීය ගායනා කරන්නේ එක භාෂාවකින් පමණයි. දෙමළ උත්සවයක් කරනකොට ජාතික ගීය ඒ භාෂාවෙන් කියන්න පුළුවන්. තහනමක් කරල නැහැ.
ජාතික ගීය ගායනා කිරීම යම් යම් ප්‍රදේශ වල හැටියට සිදු කෙරෙනවා. මේ වගේ දේවල් කතා කරන එකේන්ම ජාතීන් අතර බේද වැඩි කරනවා. අපි රජයක් විදිහට තීරණය කරල නැහැ ජාතික ගීය ගායනා කරන්නේ සිංහලෙන් විතරයි කියලා. යම් යම් මත තිබෙන දේශපාලඥයින් විවිධ ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක ආණ්ඩුවෙ තීරණයක් විදිහට හිතන්න බැහැ.
Q ඉන්දීය ධීවරයන් අපේ මුහුදු සීමාවට නීතිවිරෝධීව පැමිණීම දිගින් දිගටම සිදුවෙනවා. මේ සඳහා ස්ථාවර විසඳුමක් ඔබතුමා ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා ද?
A මෙච්චර කාලයක් ඉන්දියාව සහ අපි මේ පිළිබඳව සාකච්ඡුා කරලා තිබුණේ නැහැ. නමුත් මේ මාසයේ අපි ඒ පිළිබඳ සාකච්ඡුා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඉන්දියාවේ සංචාරයක නිරත වන අවස්ථාවේ දී ඒ පිළිබඳව සාකච්ඡුා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. උතුරේ ධීවරයන්ට තමයි මේ පිළිබඳ බරපතළ ම ප්රශ්නය තියෙන්නේ. මේ නිසා උතුරේ ධීවරයින්ගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. මේ පිළිබඳව ඩග්ලස් දේවානන්දා ඇමතිතුමා දැනටමත් සාකච්ඡුා ආරම්භ කරලා පවත්වාගෙන යනවා.
Q බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් ඒ කාලේ ක්‍රියාත්මක වුණා ගම සමඟ පිළිසඳරක් කියලා නමුත් ඒ යෝජනාව උතුරු නැගෙනහිර ප්‍රදේශවල සහ කඳුකර ජනතාව අතර හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. කලින් තිබුන වගේ උතුරු වසන්තය නැගෙනහිර වසන්තය කියලා වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරන්නේ නැද්ද?
A අනිවාර්යෙන්ම අපි ඒ වගේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ජනතාව අපිව ඈත් කරාට අපි ඔවුන්ගෙන් ඈත් වෙන්නේ නැහැ.
Q මේ රටේ මුස්ලිම් ජනතාව ඉන්නවා මුස්ලිම් ජනතාව නියෝජනය කරන ඇමතිවරයෙක් කැබිනට් මණ්ඩලයේ නැහැ. මුස්ලිම් ජනතාව ගැන බලන්නේ කවුද?
A ඇත්තටම පොහොට්ටුවේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් නැහැ. හැම පක්ෂයකටම මුස්ලිම් නියෝජිතයෙක් පත්කරන්න මුස්ලිම් ජනතාවගේ අවධානය යොමුවිය යුතුයි. ලබන මැතිවරණය වෙනකොට මුස්ලිම් නායකයෙකු පොහොට්ටු පක්ෂයෙන් බිහි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.