ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කර ඇති බවත් අවශ්‍ය වේලාවට එය ඉදිරිපත් කරන බව රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ අද (17) කොටලිගොඩ තිස්මඩ හරහා මැණික්දිවෙල මාර්ගය හා රත්තේපිටිය දෙල්දෙණිය යන මාර්ග කාපට් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පත් කිරිම සඳහා කැටපිටිය පුරාණ විහාරයේ පැවැති උත්සවයේදි සභාව අමතමිනි.
එහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා ,
ජාතික ආන්ඩු යෝජනාව සම්බන්ධව අද දිනද අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ජා කල බවත් ඒ සම්බන්ධව උපදෙස් ඉදිරි දින 2 ක තුල තමාට ලබා දෙන බවද අමාත්‍යවරයා කි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ෆයිසල් මුස්තාපා අමාත්‍යවරයාට අලුත් ක්‍රමයට මැතිවරණය පැවැත්විම සඳහා පනත සම්මත කර ගන්න බැරි වු බවත් එතුමා ගෙනා පනතට විරුද්ධව එතුමාම ඡන්දය දුන් බවද අමාත්‍යවරයා පැවසිය.
දැන් සමහරුන් කියනව පළාත් සභා ඡන්දය කල් දාන්නෙ අපි කියල ඒක වැරදියි. අපි නෙමේ පළාත් සභා ඡන්දය කල් දාන්නෙ . මම මේ කතාව සති දෙකකට කලින් ප්‍රකාශ කළද මාධ්‍යවලින් මේ සම්බන්ධව පල කරන්නෙ නෑ. කරුණාකරල මේ කතාව දාන්න. මාධ්‍යවල අපේ උත්තරේ දාන්නෙ නැ. නමුත් විපක්ෂයේ පළාත් සභා ඡන්දය පවත්වන්නෙ නැ කියන එක පමණක් මාධ්‍යවල ලොකුවට ඵල කරනව.
අපි හැමදාම කිව්වා අනුපාත ක්‍රමයට ඡන්දය තියන්න ඕන කියල . ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය කිව්වෙ අලුත් ක්‍රමයට ඡන්දය තියන්න ඕන කියලා. පළාත් සභාව සම්බන්ධව ඇමැතිකම දුන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ෆයිසල් මුස්තාපා අමාත්‍යවරයට එතුමාට අලුත් ක්‍රමයට මැතිවරණය තියන පනත සම්මත කර ගන්න බැරි උනා. එතුමා එය අනාගත්තා.
එයා ගෙනාපු පනතට විරුද්ධව එතුමාම ඡන්දය දුන්න අලුත් ක්‍රමයට ජන්දය තියෙන පළාත් සභා පනත සම්මත වෙලා තියෙන්නෙ භාගයයි. සීමා නිර්ණය තවම සම්මත වෙලා නැ . ඒකයි පළාත් සභා ඡන්දය ප්‍රමාද , සීමා නිර්ණය සම්මත කරන්න 3/2 ඡන්දයක් අවශ්‍ය බව අමාත්‍යවරයා සඳහන් කළේය.