ජනප්‍රිය චීන බෝතල් කළ ජල වෙළෙඳ නාමයක් වන නොන්ග්ෆු ස්ප්‍රිං හි නිර්මාතෘ ෂොං ෂාන්ෂාන්, අලිබබා නිර්මාතෘ ජැක් මා අභිභවා රටේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇති බව බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය පවසයි.
මේ මස මුලදී හොංකොං හිදී නොන්ග්ෆු ස්ප්‍රිං සමාගම ලැයිස්තුගත වීමත් සමග එය ප්‍රසිද්ධියට පත් වූ පසු ෂොං චීනයේ තුන්වැනි ධනවත්ම පුද්ගලයා බවට පත්විය. බ්ලූම්බර්ග් ගණනය කිරීම්වලට අනුව බදාදා වනවිට ඔහුගේ ඇස්තමේන්තුගත ශුද්ධ වත්කම් ඇ.ඩොලර් බිලියන 58.7ක් වූ අතර, එය ජැක් මා සතු ඇ.ඩොලර් බිලියන 56.7 ඉක්මවා යෑමකි.
ෂොන්ග්ගේ නව තත්ත්වය ටෙන්සෙන්ට් (TCEHY) සමාගම ආරම්භ කළ පොනි මා අභිභවා යෑමද විශේෂත්වයකි. ජැක් මා සහ පොනි මා මෙන් නොව ෂොං තාක්ෂණික ව්‍යවසායකයෙකු නොවීම මෙහි සුවිශේෂීත්වයයි. නොන්ග්ෆු ස්ප්‍රිං හි සිය කොටස්වලින් ඔබ්බට ෂොං, බීජිං හි වන්ටායි ජෛව ඖෂධවේදී එන්නත් නිෂ්පාදනයේද ප්‍රධානියා වේ. එම සමාගම මේ වසරේ ෂැංහයි හි ප්‍රසිද්ධියට පත් වූ අතර එය ෂොංගේ ධනය ඉහළ නැංවීමට තවත් උපකාරී විය.
සෙසු ඉහළ පෙළේ ව්‍යාපාරික නායකයන් හා සසඳන විට ෂොං වඩාත් හුදෙකලා පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. ඒ නිසාම ඔහුට හුදකලා වෘකයා යන අන්වර්ථ නාමයද ලැබී තිබේ.
"ඔහුට බොහෝ ව්‍යවසායක මිතුරන් සිටින බවක් දැනගන්නට නැහැ. නමුත්, ඔහු තමාගේ ව්‍යාපාරය හොඳින් කරගෙන යනවා" යැයි ෂැංහයි හි වෙසෙන දිගුකාලීන චීන නිරීක්ෂකයෙකු වන හූග්වර්ෆ් පැවසීය.