ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ප්‍රදේශ සතරකින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයන් 33 දෙනෙකු අද වාර්තා වු බව ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඩබ්.එම්.වයි. විජේසිංහ මහතා පවසයි.
මෙසේ වාර්තා වි ඇති ආසාදිතයන් අතරින් 28 දෙනෙකු කදාන ප්‍රදේශය තුළින් හදුනා ගෙන ඇති අතර මාඑළිය සහ බටගමින් ආසාදිතයන් දෙදනෙකු බැගින්ද තවත් එක් අයෙකු ජාඇල නගර සභා කොට්ඨාසය තුළින්ද හදුනාගෙන ඇති බව ඔහු සදහන් කරයි.
මේ වන විට ජාඇල ප්‍රදේශයෙන් වාර්තා වි ඇති සමස්ත කොරෝනා ආසදිතයන් ගණන 203 වන බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා පවසා සිටියි.
ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට පුද්ලයින් 2000 ඉතා ආසන්න ප්‍රමාණයක් පීසිආර් පරික්ෂණ සදහා යොමුකර ඇති බවය.
ජාඇල තිස්ස කොටින්කඩුව