වාර්ෂිකව ඡන්ද හිමි නාමලේඛනයට ලියාපදිංචි වන පිරිස හරි අඩකට ආසන්න ප්රමාණයකින් අඩුවී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
2015 හා 2016 වර්ෂ සැසඳමේදී එක් වසරකට අලුතින් ඡන්ද දායකයන් තුන්ලක්ෂ පනස්දහසකට අධික ප්රමාණයක් ලියාපදිංචි වී ඇතැයි එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා සඳහන් කළේය.
එහෙත් මේ වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛනයට ලියාපදිංචි වීමේදී එම ප්රමාණය එක්ලක්ෂ හැත්තෑපන්දහසක් දක්වා අඩුවී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
ඡන්ද ලියාපදිංචි වීමේදී අලුතින්ම ලියාපදිංචි වීම අඩුවෙමින් තිබෙන බවත්, මීට අමතරව මැදිවයසේ පසුවන අය වාර්ෂිකව ලියාපදිංචි වීමට උනන්දුවක් නොදක්වමින් සිටින බවත් 'අද' කළ විමසීමකදී කොමසාරිස්වරයා කියා සිටියේය.
වාර්ෂික ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කිරීමට කටයුතු නොකළා නම් සැප්තැම්බර් 06 වැනි දිනට පෙර තම බල ප්ර‘දේශයේ මැතිවරණ කාර්යාලවලට ගොස් නම ඇතුළත් කරගැනීමට අවස්ථාව තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
ඡන්දය පුරවැසියන්ගේ අයිතියක් බවත්, මේ නිසා වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති අය තමන්ගේ නම ඡන්ද ලේඛනයට ඇතුළත් කරගැනීමටකටයුතු කරන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි.
නාම ලේඛනයට නම ඇතුළත් වී තිබේද යන්න ග්රාම නිලධාරී කාර්යාලවලින් පරීක්ෂා කර බැලිය හැකි බවද එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.