මැතිවරණයට අදාළ පොලිස් ජංගම රාජකාරී අද (03) සිට ආරම්භ කෙරේ.
අද පස්වරු 06.00 සිට එම කටයුතු ආරම්භ කරන බව පොලීසිය නිවේදනය කරයි.
මේ අතර, මහ මැතිවරණ ඡන්ද විමසීමට පෙර දිවයිනේ සියලු ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණයට ලක්කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසීය.
ඒ අනුව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ එම කටයුතු අද (03) සහ හෙට (04) සිදුකරන බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේය.