මහ මැතිවරණයට අදාළව ඡන්ද පොළට වෛරසය රැගෙන ඒමට හෝ ඡන්ද පොළින් වෛරසය පිටතට රැගෙන යාමට අවස්ථාවක් නොමැති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
“ඡන්ද පොළට පැමිණීමේදී මුඛ ආවරණ පැළඳගෙන එන්න. අත්පිරිසිදු කරගෙන එන්න. ඡන්ද පොළේදී පළමු නිලධාරියාට ඔබගේ මුඛ ආවරණය පහතට කර මුහුණ පෙන්වන්න. පසුපත් අත් පිරිසිදු කර ගන්න.
ඉන් අනතුරුව ඇගිල්ල නොමැකෙන තීන්ත ආලේප කරනවා. ඒ සඳහා එක් අයෙකුට පමණක් භාවිත කරන ඉටි තැවැරූ කූරක් භාවිත කරනවා.
ඒ නිසා ඡන්ද පොළ තුළදී කිසි ආකාරයකින් වෛරසය ආසාදනය වීමේ හැකියාවක් නෑ.
ඒ නිසා බය නැතිව ඡන්ද පොළට එන්න. ආපසු යන විටත් අත් පිරිසිදු කරනවා. ඔබ ඡන්ද පොළට වෛරසය ගේන්නෙත් නෑ. ඡන්ද පොළෙන් ගෙන යන්නෙත් නෑ. ඡන්ද පොළේදී මීටරයක දුර තියා ගන්න. හැකියාවක් තිබෙනවා නම් නිල් පාට හෝ කලුපාට පෑනක් ගෙන එන්න. එහෙම නැත්නම් අපි විෂබීජහරණය කළ පෑනක් ගේනවා. ඔබගේ අනන්‍යතාව පෙන්වන ලේඛණ රැගෙන එන්න.”
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඡන්දපොළින් පිටත්ව යන ලෙසත් ඔහු ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියේය.
VIDEO