කොවිඩ්-19 වෛරසයේ මූලාරම්භය අධ්‍යයනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයන් චීනයේ කළ සංචාරයේදී, ඔවුන් වෙත වැදගත් දත්ත ලබාදීම චීනය ප්‍රතික්ෂේප කළ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පවසයි.
"මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණඩායම් සගයෙකු ලෙස මගේ අත්දැකීමක් නොවෙයි. සත්ව හා පරිසර ක්‍රියාකාරී කණ්ඩායමේ නායකයා වශයෙන් චීන සගයන් විශ්වාසයෙන් හා විවෘතභාවයෙන් මා සමග කටයුතු කළා. බොහෝ අත්‍යවශ්‍ය නව දත්ත සඳහා අපට ප්‍රවේශය ලැබුණා" යනුවෙන් පීටර් බෙන් ඩසාක් ට්විටර් පණිවුඩයක් ලිවීය.
එම කණ්ඩායමේ තවත් විශේෂඥයෙක් වන කොල්සන් ෆිෂර් පෙර ටිව්ටර් පණිවුඩයටම සිය අදහසද එකතු කරමින්, "මෙය වසංගත පරීක්ෂණ කණ්ඩායම පැත්තෙන් මගේ අත්දැකීමක්ද නොවෙයි. අපි චීන හා ජාත්‍යන්තර වසංගත පරීක්ෂණ කණ්ඩායම අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනඟා ගත්තා. උණුසුම් තර්ක සඳහා ඉඩ දීමෙන් ගැඹුරු ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළා. අපගේ උපුටා දැක්වීම් වැදගත් විද්‍යාත්මක කාර්යයන් සඳහා උදව් වේවි" යැයි ලිවීය.
ඒ අනුව ෆිෂර්ට ප්‍රතිචාර දක්වමින් බෙන් ඩසාක් යළිත් ලියා තිබුණේ, "ඇහුම්කන් දෙන්න! චීනයේ අපගේ වෙහෙසකර මාසයක කාර්යභාරය පිළිබඳ ප්‍රධාන සොයාගැනීම් පැහැදිලි කරමින් මාධ්‍යවේදීන්ට උත්තර බැඳීමට කාලය ගත කිරීම කනගාටුවට කරුණක්. අපගේ කාර්ය නිම කිරීමටත් පෙර වැරදි උපුටා දැක්වීම් කිරීම කනගාටුවට කරුණක්. නිව්යෝක් ටයිම්ස් ගැන ලැජ්ජයි." යනුවෙනි.