ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට උනන්දුවක් දක්වන චීන සංචාරකයන් නෙුවෙන් ඊ-වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් උදාකර තිබේ.
ඒ අනුව චීන සංචාරකයින්ට ඇති භාෂා බාධක ඉවත් කරමින් ඔවුන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ඉලෙක්ට්‍රොනික වීසා ඉල්ලුම් කිරිමේ අවස්ථාව හිමිවෙයි.
චීන විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා නිර්මාණය කර ඇති මෙම ක්‍රමයෙන් චීන භාෂාවෙන් වීසා අයදුම්පත්‍ර පිරවීමේ අවස්ථාව හිමිවෙයි.
අගෝස්තු 1 වනදා සිට ශ්‍රී ලංකාවේ සංචාරය කරන චීන සංචාරකයින් සඳහා ETA ගාස්තුව නිදහස් කර ඇති අතර ETA ගාස්තු නිදහස් කිරීමේ වැඩසටහන මාස හයක් පවතී.
පසුගිය වසරේදී චීන සංචාරකයින් 280,000 කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට ගිය අතර, එය ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ දෙවැනි විශාලතම ප්රභවයයි.