චීනයේ සින්ජියැන්ග් පළාතේ පසුගිය මාසයේ හදිසියේ ඇති වූ කොවිඩ්-19 අවදානම ඉතා කඩිනමින් මැඬපැවැත්වීමට චීන පාලකයන් හා සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ.
එම කාලයේදී බටහිර කලාපයේ ආසාදිත සිද්ධීන් හදිස්යේම ඉහළ ගියේ චීනය කොවිඩ්-19 වසංගතය සාර්ථකව මැඬපවත්වා තිබූ පසුබිමකය.
කෙසේ වෙතත් වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ක්‍රමවේද ඔස්සේ තත්ත්වය පාලනය කරමින් මේ වනවිට ෂිනිජියැන්ග් හි ජනජීවිතය සාමාන්‍ය රටාවට හා ආර්ථික කටයුතු සුපුරුදු පරිදි කරගෙන යෑමට අවශ්‍ය වටපිටාව උදාවී ඇති බව චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් යළි වසංගත අවදානමක් ඇති නොවන පරිදි ඇතැම් සෞඛ්යාරක්ෂක පිළිවෙත් තවදුරටත් ක්‍රියාත්මක වන බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.