චීන විදේශ ඇමති වැන්ග් යී ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. එය මෑත කාලයේදී චීනයේ ඉහළම තනතුරු දරන්නන් ශ්‍රී ලංකාවේ කරන තෙවැනි ඉහළ මට්ටමේ සංචාරය වෙයි. එසේම වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව චීන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ කරන දෙවැනි සංචාරය මෙය වෙයි.
චීන ආරක්ෂක ඇමති වී ෆෙන්ගේ පසුගිය සතියේ මෙරටට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පැවැත්වීය. මෙහිදී ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීමට දෙරට එකඟ විය.
පසුගිය වසරේදී, චීන කොමියුනිස්ට් පක්ෂයේ කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ එම පක්ෂයේ සංස්ථාවේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාලයේ අධ්යක්ෂ යැං ජිචි ද ද්විපාර්ශවික සාකච්ඡා සඳහා කොළඹට පැමිණෙියේය. ඔහු චීනයේ විදේශ කටයුතු පිළිබඳ ප්‍රධානියා ද වේ.
විදේශ ඇමති වැන්ග් සිය කලාපයේ සංචාරයේ කොටසක් ලෙස මෙරටට පැමිණෙනු ඇත. පසුගිය සතියේ ඔහු සිය ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් සමඟ අතථ්‍ය රැස්වීමක් ඇමතීය. COVID-19 වංසගතය වැළැක්වීම හා දරිද්‍රතාවය පිටුදැකීම පිළිබඳ සහයෝගීතාව පිළිබඳව ඔහු මෙහිදී සාකච්ඡා කළේය.