මුල් සහ දෙවැනි අදියර සායනික පරීක්ෂණවලදී ඵලදායී ප්‍රතිඵල පෙන්වා ඇති චීනයේ තවත් කොවිඩ්-19 එන්නතක් පිළිබඳ තෙවැනි අදියර සායනික පරීක්ෂණ උස්බෙකිස්ථානයේදී ආරම්භ වී තිබේ.
කොවිඩ්-19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය සඳහා මිනිස් සිරුර පොළඹවන, වෛරසයේම හානිකර නොවන කොටසක් භාවිත කරමින් නිපදවා ඇති ZF2001 එන්නත, මේ වනවිට චීනයේ ප්‍රමුඛතම එන්නත් අපේක්ෂකයන් පස්දෙනාගෙන් එකකි.
"ගෝලීය වශයෙන් පුද්ගලයින් 29,000ක් බඳවා ගැනීමට අප සැලසුම් කරමින් සිටිනවා" යැයි චීන විද්‍යා ඇකඩමිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ චීනයේ හුනාන් පළාතේ මුල්ම සායනික පරීක්ෂණවලින් පසුව, ඉන්දුනීසියාව, පාකිස්තානය සහ ඉක්වදෝරය යන රටවලදීද ළඟදීම සායනික පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත බව පවසමිනි.
සුළු වේදනාවක්, එන්නත් කළ ස්ථානය රත් පැහැ ගැන්වීමක් සහ ඉදිමීම වැනි මෘදු අතුරු ආබාධ හැරුණු විට මෙම එන්නත බරපතල අහිතකර බලපෑම් ඇතිකර නොමැති බවද කියයි.