චීනයේ කැන්සිනෝ බයොලොජික්ස් ඉන්කෝපරේෂන් විසින් සංවර්ධනය කරන ලද තනි මාත්‍රාවකින් යුතු කොවිඩ්-19 එන්නත හදිසි භාවිතය සඳහා ආර්ජන්ටිනාව විසින් අනුමත කර තිබේ.
ඒ අනුව ආර්ජන්ටිනාව විසින් කැන්සිනෝ (කොන්විඩේසියා) එන්නත මාත්‍රා මිලියන 5.4ක් ලබාගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එමෙන්ම එන්නත් ලබාගත හැකි ප්‍රමාණය අනුව බෙදා හැරීම ඉදිරියට යන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
මිලියන 45 ජනගහනයක් සිටින ආර්ජන්ටිනාව මේ වනවිට ඉන්දියාව සහ බ්‍රසීලයට පසුව දෛනිකව වැඩිම නව ආසාදන සංඛ්‍යාවක් වාර්තා කරන රට බවට පත්ව තිබේ. එරට තුළ රෝගයෙන් මියගිය සංඛ්‍යාව 85,000ක් ලෙසත්, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 4.1ක් ලෙසත් වාර්තා වී තිබේ.
රුසියාවේ සංවර්ධිත ස්පුට්නික්-වී, චීනයේ සීනොෆාම් මෙන්ම, ඇස්ට්‍රාසෙනෙකා විසින් නිපදවන ලද එන්නත ආර්ජන්ටිනාව තුළ දැනට භාවිත කරමින් සිටියි. මේ වනවිට එරට එන්නත්කරණය වේගවත් කිරීම නිසා අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගත් ජනගහනය මිලියන 12.6ක් වන අතර, මිලියන 3.2ක් සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබාගෙන ඇත.