ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූ වෙයි මහතා ඊයේ (18දා) විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡාවක් පැවැත්වීය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මෙම හමුවේදී යළිත් විදේශ අමාත්‍යවරයා ලෙස පත්වීම සම්බන්ධයෙන් හූ වෙයි මහතා සිය සුබ පැතුම් අමාත්‍යවරයාට පිරිනමා තිබේ.
මෙහිදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනිම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී තිබේ.