දෙසැම්බර් 25 වන දින චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ අත්සනින් යුතු අලුත් අවුරුදු සුබ පැතුම් පත් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත එවනු ලැබීය. චීන අගමැති ලී කෙකියැන්ග් මහතාද 2021 වර්ෂය සඳහා වූ සිය සුබ පැතුම් පණිවිඩය ශ්‍රී ලාංකික අගමැතිවරයාට එවනු ලැබීය.
ඊට අමතරව, චීනයේ ජාතික මහජන සම්මේලනයේ ස්ථාවර කමිටුවේ සභාපති ලී ෂාන්ෂු මහතා සහ චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා පිළිවෙලින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත තම නව අවුරුදු සුභ පැතුම් පණිවිඩ එවනු ලැබූහ.