සංචාරක විසා ලබාගෙන සංචාරක විසා කොන්දෙසි උල්ලංඝනය කරමින් දඩැල්ල ප්රදේශයේ ගොඩනැගිල්ලක ප්රතිසංස්කරණ කටයුතුවල නිරත වෙමින් සිටි චින ජාතිකයින් 14 දෙනෙකු ඊයේ (27) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලීසියේ කොට්ඨාස දුෂණ මර්දන අංශය පවසයි.
පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මෙකි ස්ථානය පරික්ෂා කිරිමේ දි චින ජාතිකයින් විසින් මෙකි ගොඩනැගිල්ලේ ප්රතිසංස්කරණ කටයුතු සඳහා සිමෙන්ති ඇනිම, සිවිලිම් ගැසිම පොටි ඇදිම, ආදි කටයුතු වල නිරතව සිට ඇති බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් චින ජාතිකයින් 14 දෙනා වයස අවුරුදු විසි තිස් හා පනස් ගණන්වල පසුවන අය බවද පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
මොවුන් ජනවාරි 01 වැනිදා සිට මාර්තු 01 වැනි දින දක්වා මෙරට සංචාරය කිරිම සඳහා සංචාරක විසා ලබාගෙන ඇති බව පැවසේ.
ආගමික විගාමික පනත යටතේ සංචාරක විසා ලබාගෙන සංචාරක කොන්දෙසි උල්ලංඝනය කරමින් මෙරට රැකියාවල නිරතවිම නිතිවිරෝධි බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් චින ජාතිකයින් 14දෙනා අද (28) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.