ෂෙන්සෝ-12 මිනිසුන් සහිත චීන අභ්‍යවකාශ මෙහෙයුමේ නිරත ගගනගාමීන් අභ්‍යවකාශයේ ඇවිදිමින් සිදුකළ සිය දෙවැනි බාහිර මෙහෙයුම් අවසන් කර, නියමිත කාර්යයන් සාර්ථකව ඉටුකර ඇති බව චීනයේ අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය පවසයි.
චීනයේම නිෂ්පාදිත නව පරම්පරාවේ ෆීෂියානු අභ්‍යවකාශ ඇඳුම්වලින් සැරසී නී හෙයිෂෙං සහ ලියු බෝමින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත කාර්යයන් සිදු කළ අතර, ටැන්ග් හොංබෝ මෙහෙයුම් කටයුතු අවසන් කිරීම සඳහා සිය කාර්ය මණ්ඩලයට සහයෝගය දැක්වීම සඳහා ඇතුළත රැඳී සිටියේය.
නියමිත වේලාවට දළ වශයෙන් පැයකටත් කලින් මෙහෙයුම සිදුවුවත්, පැය හයක අභ්‍යවකාශ ඇවිදීමකින් පසු නී සහ ලියු නැවත අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ටියැන්හේ මොඩියුලය වෙත පැමිණියහ.
භූමි කාර්ය මණ්ඩලය විසින්ද ඔවුනට මෙම මෙහෙයුමේදී පහසුකම් සැලසූ අතර, දිගු කරන ලද පොම්ප කට්ටල සවි කිරීම සහ පරිදර්ශක කැමරා එසවීම ඇතුළු බාහිර කාර්ය මාලාව සාර්ථකව නිම කළහ.
එහිදී නවතම අභ්‍යවකාශ ඇඳුමේ ක්‍රියාකාරිත්වය, රොබෝ අත සමග වැඩ කිරීමට ඇති හැකියාව සහ ආධාරක උපකරණවල විශ්වසනීයත්වය සහ ආරක්ෂාව ගැනද මෙම මෙහෙයුමේදී වැඩිදුර පරීක්ෂාවක් සිදුවිය.
චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීමේදී ඔවුන් අභ්‍යවකාශයේ ඇවිදිමින් සිදුකළ දෙමැනි මෙහෙයුම මෙයයි. එහි පළමු වැනි ගමන ජූලි 4දා සිදුවිය.