කොවිඩ්-19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා චීන එන්නතක් හදිසි භාවිතය සඳහා ඉරාකය විසින් අනුමත කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
ඉරාක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක සෙයිෆ් අල්-බද්ර් කියා සිටියේ චීන ජාතික ඖෂධ සමූහය (සීනෝෆාම්) විසින් සකස් කරනලද චීන එන්නත ඔවුන්ගේ ප්‍රමිතීන්ට අනුකූල වන බවත්, එබැවින් ඉරාක රජය එය ඉරාකය තුළ එය භාවිත කිරීම සඳහා අනුමත කළ බවත්ය.
ඒ අනුව එන්නත ලබා ගැනීම සඳහා සියලු සැපයුම් කටයුතු සූදානම් කර ඇති අතර, එන්නත ලබාදිය යුතු කණ්ඩායම් හඳුනාගෙන ඇති බවත් අමාත්‍යාංශය වෙනම ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණි.