කෝවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා චීනය විසින් නිෂ්පාදනය කළ සිනොවැක්ස් සහ සිනොෆාම් එන්නත් දෙක මිනිස් ශරීරයට අහිතකර නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් (31දා) තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම එන්නත් දෙක කෝවිඩ් වෛරසය පාලනය කිරීමේ හදිසි අවස්ථාවන් සඳහා භාවිතයට ගැනීම සම්බන්ධයෙන් වන නිර්ණායක ඉතා ඉක්මනින්ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කෙරෙනු ඇති බවටද වාර්තා වේ.