චීනයේ සිනෝවැක් බයෝටෙක් සමාගමේ පර්යේෂණාත්මක කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 1.2ක් ජකර්තා වෙත මේ වනවිටත් ලැබී ඇති බව ඉන්දුනීසියාව පවසයි.
ඒ අනුව දෙසැම්බර් මාසයේදී මිලියන 9ක ජනතාවකට චීනය විසින් නිෂ්පාදිත එන්නත ලබාදීමට ඉන්දුනීසියාව සැලසුම් කර ඇති බව රජයේ ජ්‍යේෂඨ අමාත්‍යවරයෙකු වන සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම මේ වනවිටත් ඉන්දුනීසියාවේ රජය සතු ජෛව තාක්ෂණ සමාගමක් වන බයෝ ෆාමා සමාගම සමග ඒකාබද්ධව සිනෝවැක් හි කොරෝනාවැක් එන්නතෙහි තෙවැනි අදියර පර්යේෂණ බටහිර ජාවා හිදී මේ වනවිටත් සිදුවන අතර, ඊට පරිබාහිරව මෙම කඩිනම් එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
ඉන්දුනීසියාව පැවසුවේ නැව්ගත කිරීම හොඳ තත්ත්වයේ පවතින බවත්, මාත්‍රාව රට පුරා බෙදා හැරීමට සූදානම් බවත්ය. එහිදී මිලියන 1.2ක එන්නත් මාත්‍රා ශීතකළ වාහනවලින් බෙදාහරින බව එරට සෞඛ්‍ය අමාත්‍ය ටෙරවාන් අගුස් පුට්‍රැන්ටෝ පැවසීය.
වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ සහායක සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මෙන්ම සෞඛ්‍ය පහසුකම් සඳහා සහාය වන සේවකයන්ටද ප්‍රමුඛතාව ලබාදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මීට අමතරව තවත් කොරෝනාවැක් එන්නත් මාත්‍රා මිලියන 1.8ක් 2021 ජනවාරි මාසය වනවිට සිනෝවැක් සමාගම ඉන්දුනීසියාව වෙත නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කර තිබේ.