ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලුම් කළ එන්නත් සම්බන්ධයෙන් වන වඩාත් වැදගත් දැනුම් දීමක් ඉදිරි දිනවලදී ප්‍රකාශ කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
චීනයෙන් ලැබුණ සයිනොෆාම් එන්නතට මේ වන විට විශාල ඉල්ලුමක් පවතින අතර ජනතාව ඉතාමන් උනන්දුවෙන් එම එන්නත ලබාගැනීමට කටයුතු කරනු අයුර දක්නට ලැබේ.
චීනය සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ලැබීය.
ශ්‍රී ලංකාව එන්නත් සම්බන්ධයෙන් කළ ඉල්ලීම පිළිබඳව චීනය වැඩි උනන්දුවෙන් කටයුතු කරන බවත් ඒ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා දැනුම් දුන් බවත් තානාපතිකාර්යාලය වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.