රටවල් 30කට අධික සංඛ්‍යාවක නායකයන්ට චීනය විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන් ප්‍රසිද්ධියේ ලැබී ඇති බවත්, අවම වශයෙන් රටවල් 100ක හදිසි ප්‍රතිකාර සඳහා මෙම එන්නත් සඳහා අවසර ලබාදී ඇති බව චීනයේ විදේශ අමාත්‍යංශය අවධාරණය කරයි.
ඇතැම් බටහිර මාධ්‍ය වාර්තා චීනයේ සංවර්ධනය කරන ලද එන්නත්වල ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව පිළිබඳව ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කරමින්, එම එන්නත්වල ආරක්ෂාව මෙසේ යළි යළිත් සහතික කිරීමට චීනය කටයුතු කර තිබේ.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් විසින්ද එන්නත් සඳහා ගෝලීය සහයෝගීතාව පිළිබඳ චීනයේ ස්ථාවරය යළිත් වරක් කියා සිටියේ රට මේ වනවිට රටවල් 100කට අධික සංඛ්‍යාවක් සඳහා එන්නත් මාත්‍රා මිලියන 500කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති බව ප්‍රකාශ කරමිනි. එමෙන්ම ඉදිරි මාස හතර ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX වැඩසටහන සඳහා එන්නත් මාත්‍රා මිලියන 110ක් ලබාදෙන බවද ඔහු අවධාරණය කළේය.
සීනොවැක් සහ සීනොෆාම් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 මර්දන චීන එන්නත් දෙක මේ වනවිටත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතය සඳහා අනුමත කර ඇති එන්නත් වෙයි.