චීනයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා එළැඹෙන 27 දා සිට 29 දා තෙක් තෙදින ශ්‍රී ලංකා නිල සංචාරයක් ආරම්භ කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
චීනයේ ඉහළ පෙළේ නියෝජිතයෙක් වන ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා රජයේ ඉහළම නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණෙන තෙවැනි ඉහළ පෙළේ නියෝජිතයා වෙයි ෆෙන්ග්හි වෙයි.
මීට පෙර චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යී හා එරට ඉහළ පෙළේ නියෝජිතයෙක් වන යැංග් ජියේචි ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්විය.