චීනයේ ටියැන්ෂෝ-3 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය අභ්යවකාශගතවීමෙන් පැය 6.5කට පසු චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන මොඩියුලය ටියැන්හේ සමග සම්බන්ධ වූ බව චීන අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය පවසයි.
ස්වයංක්‍රීය වේගයකින් ඊට සම්බන්ධ වීමේ ක්‍රියාවලිය භාවිත කරමින් භාණ්ඩ ප්‍රවාහන යානය ටියැන්හේගේ පසුපසට මුහුණලා වූ කොටසට සම්බන්ධ වී ඇත.
ටියැන්ෂෝ-3 යානය ඊට සම්බන්ධ වීමත්, මිනිසුන් රැගත් ෂෙන්ෂෝ-12 පසුගිය දා නැවත පෘථිවිය දෙසට ගමන් කිරීමත් සමග චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය තවමත් කොටස් තුනකින් සමන්විත වේ. ඒ ටියැන්හේ හරය ප්‍රධාන මොඩියුලය ටියැන්ෂෝ-2 සහ ටියැන්ෂෝ-3 යානයන්ය.
ටියැන්ෂෝ-3 යනු ලොව ඇති ඉතාමත් දියුණු භාණ්ඩ ප්‍රවාහන යාත්රාවකි. එයට ටොන් 6.9 ක සැපයුම් ප්‍රමාණයක් රැගෙන යා හැකිය.
මෙම මෙහෙයුම චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගොඩනැගීම සඳහා වූ දියත් කිරීම් මාලාවක කොටසකි. නුදුරු අනාගතයේදීම චීනයේ තවත් ගගනගාමීන් තිදෙනෙකු ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානය මගින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුළුවීමේ මෙහෙයුමක් දියත් වනු ඇති බවද කියයි.