චීනය සිය වයඹදිග ෂින්ජියැන් උයිගුර් ස්වයං පාලන කලාපයේ සියලුම ජනවාර්ගික කණ්ඩායම්වලට සමාන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳව ධවල පත්රිකාවක් නිකුත් කර තිබේ.
ෂින්ජියැන් හි සියලුම ජනවාර්ගික කණ්ඩායම්වල අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්ය මණ්ඩල තොරතුරු කාර්යාලය විසින් මෙම ධවල පත්රිකාව නිකුත් කර ඇත.
එහි අන්තර්ගතය තුළ එම ජනතාවන්ගේ I. සිවිල් අයිතිවාසිකම්, II. දේශපාලන අයිතිවාසිකම්, III. ආර්ථික අයිතිවාසිකම්, IV. සංස්කෘතික අයිතිවාසිකම්, V. සමාජ අයිතිවාසිකම්, VI. කාන්තාවන්ගේ හා දරුවන්ගේ අයිතිවාසිකම් සහ VII. ආගමික විශ්වාසයේ නිදහස පිළිබඳව දක්වා තිබේ.
මානව අයිතිවාසිකම් පිළිබඳ පූර්ණ අවබෝධය සියලු මානව වර්ගයාගේ මහා සිහිනවලින් එකක් වන බවත්, ෂින්ජියැන් හි ජනවාර්ගික කණ්ඩායම් ඇතුළු චීනයේ ජනතාව දිගු කලක් තිස්සේ අපේක්ෂා කළ ඉලක්කයක් බවත් චීනය පවසයි.
පෞරාණික යුගයේ සිට ජනවාර්ගික කණ්ඩායම් ගණනාවක් ෂින්ජියෑන් හි වාසය කර ඇති අතර, කලාපයේ සියලුම කණ්ඩායම් චීන ජාතියේ පුළුල් පවුලේ සාමාජිකයන් සමග සමීපව සම්බන්ධ වූ සාමාජිකයන් බවද චීනය වැඩිදුරටත් පවසයි.